ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම

prevention of terrorism act Presidential Commission of Inquiry

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතුරු වාර්ථාව පෙරේදා (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන්…

Read More

චීන එන්නත ගත් අයට විදේශගත වීමේදී ගැටලු- රවී කුමුදේශ්

sinopharm vaccine Problems when going abroad

සයිනොෆාම් කොවිඩ් 19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබු පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. එම පර්යේෂණ කණ්ඩායම කියා තිබුණේ සයිනොෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට වඩා වැඩි පිරිසකගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සොයා ගන්නා ලද බවත්ය. එසේම එම ප්‍රතිශතය ස්වාභාවික COVID-19 ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම බව ද ඔවුහු ප්‍රකාශ කර තිබුණි.…

Read More

ආණ්ඩුවේ නිරුවත ගැන මනූෂ කියයි.

Manusha Nanayakkara talks about the nakedness of the Rajapaksa government

එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ධම්මික පැණිය දී ජනතාව රැවට්ටු බවත්, ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ තෙල් මිල ඉහළ දමා එය ඇමැතිගේ පිටින් යවා අත සෝදා ගැනීමට පොහොට්ටුව උත්සාහ ගත් බවත්  ඔහු කියා සිටියි. මොල හතේ කෙනා ආ විට මිල අඩු කරන බවට පුරසාරම් දෙඩු බවත් උදය ගම්මන්පිල ඇමැතිවරයා ලෑල්ලට හේත්තු කර තමන්ගේ ජාමේ ‌බේරා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින්  ජීවන වියදම් කමිටුවේ සිට තෙල් මිල වැඩි…

Read More

මාර්ගගත අධ්‍යාපනය හා අනාගත ගුරු භූමිකාව – කථිකාචාර්ය එස්.එම්.පී.බණ්ඩාර

The role of online education and future teachers

කොරෝනා වසංගත තත්ත්වය අද වන විට මුළු ලෝකයම උඩු යටි කුරු කරමින් තිබේ. එයින් බලපෑමට ලක්ව ඇත්තේ අද ජීවත්වන පුද්ගලයින් පමණක් නොවේ. අනාගත පරම්පරා ගණනාවකට එයින් ඇතිකරනු ලබන බලපෑම සුළුප‍ටු නොවන බව පෙනෙන්නට තිබෙන කරුණකි. එය ආර්ථිකමය වශයෙන් පමණක් නොව සමාජීය තත්ත්වයන් ද සංස්කෘතික ස්න්දර්භයන් ද සුණු විසුණු කර දමා ඇත. රටක අනාගතය තීරණය වන්නේ ඒ රටෙහි පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළිනි. අධ්‍යාපනය  විධිමත්, අවිධිමත් හා නොවිධිමත් යන අංශ තුනෙන්ම ඇති කරවන බලපෑම මෙහි දී අදාළ ය. අපගේ අවධානය යොමු වන්නේ අවිධිමත් හා නොවිධිමත් අධ්‍යාපනය දෙසට නොවේ. පළමු ශ්‍රේණියේ සිට විශ්ව…

Read More

ළමා අපයෝජන වැඩි වීම හේතුවෙන් ළමා මහාධිකරණ පළාත් නමයටම.

Junior High Courts have been established due to the increase in child abuse.

ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා මහාධිකරණ නමයක් පිහිටුවීම සදහා වැඩකටයුතු ඇරඹීමට සූදානම් බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම පවසන්නේ. ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන්  ජුලි 20 අඟහරුවාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇය ඒ බව සඳහන් කළාය. මේ වන විට බත්තරමුල්ලේ සහ යාපනයේ  ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක්…

Read More