සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….

baddegama samitha himi death

මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන “රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි” යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත පරිදියි. “උන්වහන්සේගේ අපවත් වීම හදකම්පා කරවුවද, කොවිඩ් වෛරසයෙන් උන්වහන්සේ අපවත් වීම නිසා උන්වහන්සේගේ නිසල දේහය චිතකය වෙත රැගෙන යනු ඇත්තේ උන්වහන්සේ සැමදා ආදරය කල පීඩිත මිනිසුන් විසිනි. එසේ නොවුනේ නම් උන්වහන්සේගේ දේහය රැගෙන යනු ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ අමු ජාතිවාදීන් පිරිසකගේ කරමතිනි.” (සම්පූර්ණ ලිපිය කියවීම සදහා  https://www.dailyreporter.lk/baddegama-samitha-himi/ ) නමුත් අද සවස් වන විට ආරංචි වූ…

Read More

වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය!

Policy on elimination of trade deficit sri lanka harsha gunasena

රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දක්වනු ලැබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ තිබෙන්නේ අවාසි සහගත වෙළෙඳ ශේෂයකි.  මෙය තරමක් දුරට සමනය වන්නේ විශේෂයෙන්ම පිටරට වෙසෙන ශ්‍රමිකයන් එවන මුදල් සහ සංචාරක ආදායම වැනි වෙනත් ලැබීම් වලිනි. මේ සියල්ල එකතු…

Read More

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

Police duties and media shows covid situation

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

ප්‍රජා වෛද්‍ය සේවාව “හොඳටම බිඳ දැම්මේ අපි”.

covid situation community health services in sri lanka

අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත රෝග මර්දනය කිරීමේ මූලිකත්වය ගනු ලබන්නෝය. ඔවුන් යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ආදී සියලු දෙනා සේවය කරනු ලබයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට අනුව මේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් විවිධ වසංගතයන්, මාතෘ හා ළමා මරණ වැළැක්වීමට ඉතිහාසයේ සිටම කටයුතු කර ඇති පිරිසකි. අප වරක් හොඳම ළමා…

Read More

පර්ල් කළ විනාශයට වරාය බළධාරීන් වගකිව යුතුය!

Port authorities are responsible for the damage caused by the Express Pearl ship

අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව මැයෙන් මෙම නැව අලලා මවිසින් අයිතිය වෙබ් අඩවියට ලිපියක් ලියනු ලැබීය. එම ලිපියට පාදක වුණේ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක Splash247.com යන වෙබ් අඩවියේ පළවූ “X-Press Pearl burning off Sri Lanka was denied entry to Qatar & India” යන ලිපියයි. එම ලිපිය සඳහා අදහස් දක්වන එම නැව් සමාගමේ විධායක සභාපතිවරයා කියා සිටින්නේ කටාර් රාජ්‍යයේ හමාඩ් වාරය සහ…

Read More

කුණු මුල්ලේ තිබී හමුවුණ ජනපතිගේ පින

Directing the farmer to use organic fertilizer president gotabaya rajapaksa

රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ සහ මම ආස දේ. ඇත්තටම කියනවනම් මම කුඩා කාලේ ඉඳලාම ඔය කැලේ කොළේ අලේ මසේ කාල ජීවත් වෙන්න කැමති මනුස්සයෙක්. මට පොඩි කාලේ ඉඳලම ඔය ලැසි කෑම ජාතිවලට එච්චර ආසාවක් නැහැ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒවා හදන්නේ නැහැ කන්නේ නැහැ කියලා. නැහැ ඒ දෙකම කරනවා. හැබැයි මම මට කොස් ටිකක් කිරිහොද්දක් එක්ක හම්බුණාම කන…

Read More