සංස්කෘතික ජීවියා අහිමිවීම ඇතුලෙ තියෙන්නේ ලොකු ඛේදයක්!

Art and Culture of Sri Lanka Prageeth Rathnayake

ප්‍රගීත් රත්නායක  සංස්කෘතික ජීවිතය, සංස්කෘතික මනුස්සයා කියන එක මට තේරෙන්නෙ අපේ ජීව විද්‍යාත්මක ශරීරයට, එනම් නඩත්තු කරන්න අවශ්‍යම ප්‍රධාන සත්වයා විදිහට. සංස්කෘතික සත්වයෙක් අප අස්සේ නැත්තං ඇත්තටම අපි ජීව විද්‍යාත්මකවත් මැරිලා. අපි ජීව විද්‍යාතමකව ඇඳුම් ඇන්දට ආහාර ගත්තට රමණය කරාට වැඩක් නෑ අපේ මේ සංස්කෘතික තත්ත්වය අපි තුළ නැත්නම්. වංශයෙන් නෙමේ අපේ නරුමවාදය පටන් ගන්නේ අපි තුළ සිටින සංස්කෘතික ජීවියා අහිමි වීම තුළින්. අපේ මේ ළඟම කෙනා මගහැරෙන්නේ සංස්කෘතික ජීවිතය මොකක් හෝ හේතුවක් උඩ. මෙය ධනවාදය කරපු වැඩක් හැටියට තමයි මේ මොහොතේ ඉස්මතු වෙන්නේ. එය ගෝලීය වශයෙන් අර්ථකථනය කරාට දේශපාලනමය…

Read More

යුද පීඩිතයන්ගේ ස්මාරකය යළි පණ ලබයි!

mullivaikkal memorial monumen jaffna university

යුද්ධයෙන් මියගිය  දෙමළ ජනයා  අනුස්මරණය සඳහා යාපනයේ විශ්වවිද්‍යාල භුමිය තුළ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කර දැමීමෙන් සිව් මසක් ගත වීමටත් මත්තෙන් යලි ඉදිකිරීමෙන් අනතුරුව  අප්‍රේල් 23 සිකුරාදා විවෘත කර තිබුනේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසිනි. මලින් සහ ආලෝකයෙන් පුද පූජා පවත්වා අභිනව මුල්ලිවයික්කාල් ස්මාරකය විවෘත කිරීමෙන් පසු අදහස් දක්වමින් ශිෂ්‍ය සංගම් නායකයා අවධාරණය කර සිටියේ මෙම ස්මාරකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහජනතාව, ඩයස්පෝරා සාමාජිකයන්, මුස්ලිම් ප්‍රජාව, විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු බොහෝ දෙනෙක් සහාය ලබා දුන් බවයි. මෙම ස්මාරකය තුළින් දෙමළ ජනයාගේ  පැවැත්ම සහ  ඔවුන්  අත්විඳි දුක්ඛිත අත්දැකීම් නිරූපණය වන බවත් ඔහු…

Read More

“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!

migrant workers middle east Bureau of Foreign Employment

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරමක් මෙරට සිදුවන  බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පහුගියදා හෙළිදරව් කර තිබුණි. ඒ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා සිදු කළ  වැටලීමකදීය. බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) පවසන ආකාරයට  මෙරට කාන්තාවන්…

Read More

මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           

microfinance crisis in sri lanka grameen bank

සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන් වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්.. යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින් ණය ගත්තා. ඊට පෙර අපි කියන්න ඕනේ මේ වගේ ණය දෙන ක්‍රමයක් තිබුණා ලංකාවේ. රජයේ ආයතන යටතේ පැවති එම ක්‍රමය කඩාකප්පල් කළ නිසා තමයි මේ මූල්‍ය ආයතන සමඟ මිනිස්සුන්ගෙ සම්බන්ධතාවයක් ඇති වුණේ. මේක ඉස්සර සෙලින්කෝ ග්‍රාමීන් හරහා තමයි පටන් ගත්තෙ. යුද්ධයෙන් පස්සෙ ගොඩක් සමාගම් මේ ණය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අයගේ ශාඛා ප්‍රමාණය වව්නියාවෙ…

Read More

කොවිඩ් ප්‍රභේද ගැන පර්යේෂණයක් කෙරෙන්නේ නැහැ, තිබු පර්යේෂණත්  අත්හිටුවලා – රවී කුමුදේශ්

New covid Varieties in Sri Lanka ravi kumudesh

අප්‍රේල් මුල් සති දෙකේ කොරෝනා පාලනය වී ඇතැයි පවසා අප්‍රේල් මස අන්තිම සති දෙකේදී අවදානම් තත්වයක් පෙන්වන්නේ මැයි දිනය ඉලක්ක කර ගනිමින්ද යන්න බරපතල සැකයක් මතුව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මේ වන විට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේ කලබලයට පත්ව ඇති ස්භාවයක් පෙනෙන්නට තිබෙන බව ඔහු පවසයි. විශේෂයෙන්ම මාර්තු මාසය හා අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුල PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදී විමසා සිටි නමුත් ඔවුන් නිහඩව සිටි බවත් අවසානයේ PCR පරීක්ෂණ නොකරම සිට ඒ හේතුවෙන්…

Read More