
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශන ක්‍රියාවලියකින් තොරව සහ අදාළ රේගු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කර ඇති බව කියන මෝටර් රථයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ මෝටර් රථයේ පළමු පැවරුම සිදුකිරීම සඳහා කවුළු අංක ලබාදී, එම තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කළ බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
