
යාපනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2015 වසරේ රටම කම්පනයට පත් කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචනා විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් ඉකුත් මැයි 6 වැනිදා එම මරණීය දණ්ඩනය යළිත් තහවුරු කළේය.
කෙසේ වෙතත්, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට නියම කර තිබූ දඬුවම් ඉවත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියෝග කර තිබුණි.
අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ, සියදිවි හානි කරගත් ජෙයකුමාර් ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තිදෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවද සඳහන් වේ.
