
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ආරම්භ කළ නව සමාජ ව්‍යවසායකත්ව අංශය ‘සන්ධාර’ අද (28) පෙරවරුවේ කොළඹ 05, තලකොටුව උද්‍යානයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
උත්සවය උදෑසන 10.00ට ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා සහභාගී විය. සෙසු ආරාධිත අමුත්තන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ මහාචාර්ය රොහාන් සමරජීව මහතා ද සහභාගී වූහ.
‘සන්ධාර’ යනු මානව හිමිකම් ක්ෂේත්රයේ තිරසරභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් සමාජ ව්‍යවසායක වැඩපිළිවෙළකි. එහි මූලික අරමුණ වන්නේ, අලෙවි කරන සෑම භාණ්ඩයකින්ම හා සපයන සෑම සේවාවකින්ම ලැබෙන ආදායම හරහා ඔවුන් වටා සිටින කුඩා ව්‍යවසායකයන්ට වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට සහාය වීමයි. එමෙන්ම, එම අරමුදල් මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ මානව හිමිකම් කඩවීම්වලින් පීඩිත වූ වින්දිතයින්ට උදව් උපකාර සැපයීම සඳහා යෙදවීමටද සැලසුම් කර ඇත.
මෙම නව වැඩසටහන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා සඳහන් කර සිටියේ සිවිල් සමාජ වශයෙන් ඔවුන් පසුගිය කාලවකවානු තුළ දී ඉතා ශක්තිමත් වැඩ පිළිවෙළක් දියත් කළ බවත් ඒ හරහා විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිදු කළ බවයි. ඒ අනුව රටකට ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයක වැදගත්කම පෙන්වූ ඔහු මෙම කාලවකවානු තුළ සිවිල් සමාජ වඩාත් තිරසාරභාවයකින් යුතුව ඉදිරියේ දී කටයතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සන්ධාර තුළින් එම තිරසාර වැඩපිළිවෙළට ප්‍රවේශයක් ලබා ගත් බව සඳහන් කළේය.
ඒ අනුව මෙම සමාජ ව්‍යවසාය හරහා දේශීය සහභාගීත්වය මත පදනම් වූ ආර්ථික ආකෘතියක් ගොඩනැගීමටත්, සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය තිරසර කරගැනීමටත් සංවිධානය අපේක්ෂා කරයි.

කරු ජයසූරිය මහතා පොල්තෙල් පහන දල්වමින්

රයිට් ටු ලයිෆ් විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා

ප්‍රධාන ආරාධිත අමුත්තන්

සන්ධාරා සමාජ ව්‍යවසායකත්ව අංශය විවෘත කිරීම

