
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන සාකච්ඡා කොට විශේෂ තීරණයන්ට එළඹෙන ශ්රී ලංකා නීතිඥ සංගමය කැදවූ විශේෂ මහ සභාව අති විශාල සාමාජික නීතිඥයන් පිරිසකගේ සහභාගීත්වයකින් මේ වන විට පැවැත්වේ.
ශාලාවේ ඉඩ පහසුකම් නොමැතිවීමෙන් දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල නීතිඥයන් පිරිසක් මේ වන විට සිටගෙනද ශාලාවෙන් පිටතද රැදී සිටිමින් මෙම විශේෂ රැස්වීම සදහා උද්යෝගිමත්ව සම්බන්ධ වී සිටියි.
