යුරෝපා තානාපතිවරු චෙම්මනි වෙත..

chemmani eu
-bbc-

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළ නිරීක්ෂණය වෙනුවෙන් බදාදා (ජූලි 22) යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

ඊට යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරීනෝ, ජර්මනියේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන්, ප්‍රංශයේ තානාපති රෙමි ලැම්බර්ට්, ඉතාලියේ තානාපති ඩෙමියානෝ ෆ්‍රැන්කොවින්ග්, නෙදර්ලන්තයේ තානාපති වෙයිබ් ඩි බෝර් ඇතුළු යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් අයත් වූහ.

ඔවුන් මීට එක්වූයේ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරය මත ය.

EU Ambassadors Visit Chemmani Mass Grave as Excavations ...

අදාළ පිරිස චෙම්මනි සමූහ මිනී වළ නිරීක්ෂණයට එක්වූ අවස්ථාවේ උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන සිවිල් සංවිධාන නියෝජිතයෝ, උතුරු පළාතේ අතුරුදහන්වූවන් සොයා දෙන ලෙසට හා අතුරුදන්වූවන් වෙනුවෙන් යුරෝපා සංගමයේ මැදිහත්වීම මත සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලීම් කරමින් සමූහ මිනී වළ ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.

සමූහ මිනී වළේ කැණීම්වලින් ජූලි 21 වන දා වන විට තවත් මිනිස් සිරුරු අටකට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබේ.

EU delegation granted access to Chemmani mass grave as tally reaches 454 |  Tamil Guardian

ඉන් මේ දක්වා මිනිස් සිරුරු 467කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති අතර, එයින් මිනිස් සිරුරු 444කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජ් සඳහන් කළා ය.

සමූහ මිනී වළේ 6 වන අදියරේ මේ දක්වා කැණීම්වලින් කුඩා දරුවන්ගේ බවට සැක කරන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක්, කාසි කිහිපයක් ඇතුළු විවිධ ද්‍රව්‍ය 130කට ආසන්න ගණනක් හමුව ඇති ඥානරාජ් පැවසුවා ය.

හයවන අදියර තුළින් මේ දක්වා මිනිස් සිරුරු 204කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.

සමූහ මිනී වළ තුළින් භාවනායෝගී ආකාරයෙන් සිටින අයෙකුගේ මිනිස් අස්ථි කූඩුවක් හමුව ඇති අතර, අදාළ අස්ථී කූඩුව කැණීම් නිලධාරීන් ඉතා පරීක්ෂාකාරී ලෙස මතු කර ගනිමින් සිටින බව ද ඥානරාජ් පැවසුවා ය.

චෙම්මනි සමූහ මිනී වළේ හයවන අදියර කැණීම් කටයුතු පසුගිය අප්‍රේල් 27 වන දා යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණි.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 6 වන දා නවතා දැමිණි.

පස්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට සමූහ මිනී වළ තුළින් මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබිණි.

Chemmani Mass Grave Excavation Phase 2, Day 32 Update August 6, 2025 |  Jaffna Six additional human skeletons were uncovered today at the Chemmani  mass grave site, raising the total number of

සමූහ මිනී වළ සම්බන්ධයෙන් කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් හයවන අදියරේ කැණීම් කටයුතු කරන බව කැණීම් නිලධාරීහු පැවසූහ.

යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥයින් පිරිසක් සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදු කරති.

සමූහ මිනී වළ තුළින් හමුවූ අස්ථි කොටස් හා සමූහ මිනී වළ තුළින් හමුවූ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා ඇත.

උතුරු පළාතේ මේ දක්වා සමූහ මිනී වළවල් කිහිපයක කැණීම් කටයුතු සිදු කර තිබෙන අතර, අදාළ සමූහ මිනී වළවල් තුළින් හමුවූ අස්ථි කොටස් සම්බන්ධ විමසීමේදී චෙම්මනි සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 467කට අදාළ අස්ථි කොටස් මතුවීම මගින් එය මෙරටින් හමුවූ විශාලතම සමූහ මිනී වළ බවට පත්ව තිබේ.

උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලතම සමූහ මිනී වළ ලෙස මීට පෙර පැවතියේ මන්නාරම පැරණි ස.තො.ස. ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ ය.

ඉන් මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් මතුව තිබිණි.

Excavations at Chemmani mass grave to resume on April 20 - DailyNews

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා සංවර්ධන කටයුතු සිදුකළ පිරිසක් විසින් දැක තිබිණ.

අදාළ අස්ථි කොටස් දැක ගැනීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණි.

සමූහ මිනී වළ කැණීමේදී මේ දක්වා විවිධ භාණ්ඩ සැලකිය යුතු ගණනක් හමුවූ බවත්, ඒ අතර රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු යුගලක්, කුඩා දරුවන්ට කිරි පානයට ලබාදෙන කිරි බෝතලයක්, පාවහන් කොටසක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් හා තවත් විවිධ ද්‍රව්‍ය කිහිපයක් වෙන් කර ගෙන ඇති බව නීතිඥ වී.කේ. නිරංජන් පැවසීය.

www.bbc.com

Social Sharing
අවකාශය නවතම