“පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් විදෙස්ගත වීමේ අවදානමක්” ගෝඨාභය රාජපක්ෂටත් විදෙස් ගමන් තහනමක්!

ගෝඨාභය රාජපක්ෂ

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බදාදා (ජූනි 3) නියම කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේ ය.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයින් වන මොහොමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගම විදේශ ගමන් තහනම් පැනවුණු හමුදා නිලධාරීන් අතර වෙති.

මෙම නියෝගය ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අවශ්‍ය මෙම පුද්ගලයන් විදේශගත වුවහොත් ඉදිරි විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.

තව ද මෙම පුද්ගලයන් විදේශගත වීමේ අවදානමක් පවතින බව ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මේ වන විට රැඳවුම් භාරයේ පසුවන බව අපරාධ පරීක්ෂණ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

– BBC-
Social Sharing
අවකාශය නවතම