අයි ඩෝන්ට් නෝ වයි… – මහේෂ් හපුගොඩ


විමල් විරවංශ යුද විරුවන් සමරන්න ගිහින් ඇදගෙන වැටිලා. වීඩියෝවක් යනවා. රණවිරු ස්මාරකයකට මල්මාලාව දාන්න දුවනවා. එතකොට වැටෙනවා.
මට තියෙන ප්‍රශ්නේ දැන් විමල් මේ මල්මාලා දාලා සමරන්න යන්නේ යම් යුද ජයග්‍රහණයක් නේ. එතකොට ඔය දෙමල අය වැල්ලවත්තේ සහ උතුරේ යම් යම් තැන්වල සැමරුවේ එයාලගේ මියගිය අය උනාට ඒක සැමරුවේ යම් පරාජිත මනසක් එක්කනේ. මම කියන්නේ යුද්දේ සමස්ත පරාජය එයාල නේ…

හැබැයි නියත වශයෙන් විමල් ඉන්නේ ජයග්‍රහණය පැත්තේ නේ. ඉතිං ඓතිහාසික යුද ජයග්‍රාහකයෙක් (නැත්නම් සමස්ත ජය පැත්තේ හිටගන්න කෙනෙක්) මෙච්චර දුවල දුවල ගිහිල්ල වැටිලා බෙල්ල කඩාගන්න හදන්නේ ඇයි? පොලිසිය එක්ක පැටලෙන්න හදන්නේ ඇයි? පොලිසියේ තොප්පි ගැලවෙන්න ගහ බැණගන්න යන්නේ ඇයි?

ඒ ජයග්‍රහණය ගැන මයිල් කෙලින් වෙන විදියට මයික් පලන්නේ ඇයි?

මම අහන්නේ ජයග්‍රාහී අය මෙච්චර ජයග්‍රහණය ගැන වදවෙන්නේ ඇයි? ජයග්‍රාහකයා ටිකක් කූල් එකේ නේද ඉන්න ඕනි…විමල්ට එහෙම ටිකක් පාඩුවේ ඉන්න බැරි ඇයි? ජය සැමරීම සහ ‘පරාජය සැමරීම’ අතර වෙනසක් හොයාගන්න බැරි විදියට මේවා පැටලිලා.

සදාකාලික ස්ථිර ආයේ හොල්ලන්න බැරි ජයක් ගත්ත කෙනෙක් විල්බැරෝ මාක් එකෙන් හොම්බෙන් යන්න තරම් වදවෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි…
ජයග්‍රහණය ජයග්‍රහණය කිව්වට මේක ජයග්‍රහණයක් නෙවෙයි වත්ද? අයි ඩෝන්ට් නෝ..

Social Sharing
නවතම පුවත්