
මැයි 18 උතුරේ සාමාන්‍ය පරිදි සැමරෙද්දී දකුණේ කලබලයක් නිර්මාණය වී තිබේ. සාමාන්‍ය තර්කය නම් දකුණේ ඇති වී ඇති සිංහල ජාතිවාදය පදනම් කරගත් දේශපාලන අරමුණකින් සිදු කරන බවයි.
සිය දරුවා, ස්වාමියා, භාර්යාව, මව හෝ පියා වෙනුවෙන් ස්වාධීනව තනිව කරන සැමරුම් හැර සංවිධානාත්මක සැමරුම් සිදු කරන්නේ දේශපාලන අරමුණකිනි. විමල් වීරවංශගේ සැමරුමත් එවන් දේශපාලන අරමුණකින් සිදු වූවකි. උතුරේ මුල්ලි වයික්කාලෙහි සිදු කරන සැමරුම්ද ඔහේ සිදු කරන සැමරුම් නොව සංවිධානාත්මකව අරමුණකින් සිදු කරන සැමරුම් වේ.
ඉල්මහ විරු සමරුද අප්‍රේල් සමරුද එසේය.
මේ සියළු සැමරුම් කුමන අරමුණකින් සිදු කලද ඒ සදහා ඕනෑම අයකුට අයිතිය තිබිය යුතුය. එය විමල් වීරවංශලාගේ සිට ශිවාජිලිංගම් දක්වා දේශපාලකයන්ටද සාමාන්‍ය පුරවැසියන්ටද ජාතිභේදයකින් තොරව තිබිය යුතු අයිතියකි.
මුළු සිංහල සමාජයම පාහේ වීරත්වයෙන් ඔද වැඩී සිටි රාජප්ක්ෂ යුගයේ දකුණේ සිංහල සැමරුමද තවත් විවිධ ස්ථානයන්හි රණ විරු සැමරුම්ද උත්කර්ශවත්ව සිදු කලද උතුරේ සිදු කෙරුණු ඥාතීන් සිහි කිරීමේ සැමරුම් සදහා බරපතළ බාධා කිසිදු පදනමකින් තොරව එල්ල කරන ලදී. යහපාලන රජය සමයේ උතුරේ මෙම සැමරුම් සිදු කිරීමේ අවස්ථාව ලබා දුන් අතර එතෙක් පැවති මහා විජයග්‍රහණයේ පෙළපාලිය වෙනුවට රණවිරු සැමරුමකට පමණක් එය සීමා කරමින් දකුණේ එය සිදු කරන ලදී. කෙසේ වුවද මෙම ක්‍රියාවලියට දකුණේ සිංහල ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය..
අද දින කිසිදු පදනමකින් තොරව රණවිරු සැමරීමකට මල් රැගෙන ආ වීරවංශලාට බාධා කරමින් ආණ්ඩුවේ පොලීසිය විකාරරූපී රංගනයක් සිදු කලේ උසස් පොලිස් නිලධාරීන්ද කීප දෙනෙක් එම කටයුත්තට දායක වෙමිනි. කුමන අරමුණකින් හෝ මළවුන් සිහි කිරීමට ඇති අයිතියට පොලීසියත් ආණ්ඩුවත් ගරු කල යුතුය.
උතුරේ මළවුන් සැමරීමට ඇති අයිතියට ගරු නොකරදී කෑ ගැසූ බොහෝ අය වීරවංශ සම්බන්ධයෙන් නිහඩය. එය හරියටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට බරපතල විරෝධය දැක්වූ අය අද පිල්ලෙයාන් එම පනත යටතේ රදවාගැනීම ගැන නිහඩ වී ඇති සේය.
මැයි 18 මළවුන් සිහි කිරීමේ අවස්ථාව වැල්ලවත්ත වෙරළේදී සිදු කරන අවස්ථාවට බාධා කලේ පොලීසිය නොව චණ්ඩි කිහිප දෙනෙකි. පොලීසිය බලා සිටියදී චණ්ඩින් ක්‍රියාත්මක විය.
මේ ආකාරයේ චණ්ඩින් පාලනය කිරීමට පොලීසිය කටයුතු කල යුතුය. එය පොලීසියේ වගකීමකි. විමල් වීරවංශගේ සැමරුම පාලනය කල පොලීසියට වැල්ලවත්තේ චණ්ඩින් පාලනය කර ගැනීමට නොහැකි වූ බව පෙනුනි.
මළවුන් සිහි කිරීමේ කිසිදු සැමරුමකට පොලීසියේ බාධා කිරීම් අනවශ්‍යය. පොලීසිය අවශ්‍ය වන්නේ මළවුන් සිහි කිරීමේ අයිතිය තහවුරු කිරීමටය.
2009 මැයි 18,19 දින දක්වා දිග් ගැස්සුණු තිස් අවුරුදු යුද්ධය සිරුරත පැසවුණු තුවාලයකි. එය තුළ සිදු වුනු සිදුවීම් අහිමි වීම් වලින් ජනයා එළියට ගැනීමට නම් සංහිදියා ක්‍රියාවලියක් අත්‍යවශ්‍යය.
පාර්ලිමේන්තු ඡන්දය උතුරේ ආසන වල ජයග්‍රහණය කිරීමෙන් පමණක් සංහිදියාව ඇති නොවේ. ඒ සදහා නිසි ක්‍රියාවලියක් අවශ්‍යය.
අතුරුදහන් වූවන්ගේ ප්රශ්නය විසදිය යුතුය.
කෙසේ වුවද සංහිදියා ක්‍රියාවලිය වත්මන් පොදු ජනයාගේ ආණ්ඩුවට අමතක වී ඇති බව පෙනේ.
