අමාත්‍ය ජනක බණ්ඩාරගේ එකම සිද්ධියේ නඩු දෙක

ලෝක ඉතිහාසයේ ප්‍රථමවරට එකම සිද්ධියක් සඳහා නඩු දෙකක් ගොනු කර ඇති බවත් මෙහි එක් නඩුවක තමන් විත්තිවිත්තිකරුවෙකු නොවන අතර අනෙක් නඩුවේ තමන් විත්තිකරුවෙකු කර ඇතැයිද අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඒ 32656 හා 92936 යන නඩු දෙකය. වර්ෂ 1999 වර්ෂයේ සිදු වූ සිද්ධියක් මුල් කර ගනිමින් වසර 18 කට පසුව යහපාලන රජය විසින් අත්තනෝමතිකව ක්‍රියා කරමින් තමන්ව එම නඩුවේ විත්තිකරුවෙකු බවට පත් කළ බවද  මාතලේ  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එක් දිනක පැවති ලඝු නොවන විභාහගයකින් අනතුරුව මෙලෙස අධි චෝදනා ගොනු කර තිබිමද නීතියට පටහැනි කරුණක් බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම සිරගත කිරීමේ නියෝගයක් නොතිබියදී තමන්  රෝගීව සිටි අවස්ථාවේ දින 58 ක් අත්අඩංගුවේ තැබු බවද ඔහු පවසයි.

මේ සියලු කුමන්ත්‍රණන නීතිය හමුවේ පුස්සක් බවට පත් කරමින් තමන්ට ගොනු කර තිබු සියලු චෝදනා පතු වලින් කොළඹ අභියාචනාධිකරණය බලශුන්‍ය කරනු ලැබු බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම මෙම සිද්ධියට අදාලව මාතලේ මහධිකරණයේ නඩු දෙකක් තවමත් විභාග වෙමින් පවතින බවද මෙය බරපතල ලෙස අසාධාරණයකට ලක් වූ කරුණක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා සිටියි.

ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Social Sharing
නවතම