රටේ දේශපාලන ආන්දෝලනයක් ඇති කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) පෙරවරුවේ අත්සන් තැබීය.
ඒ අනුව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදුකළේය..
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද සහභාගී වි තිබුණි.
දින දෙකක් පුරා පැවති විවාදයකින් පසුව පහුගියදා (22) පාර්ලිමේන්තුවේදි 2/3 කට වැඩි බහුතර ඡන්දයකින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය.