කොළඹ, කොටහේන ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්වී ඇති ගුරුවරයාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදාල දැරිවියගේ ඥාතීන් ඒම පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ. ඥාතීන් පවසන්නේ දැරියගේ මරණයට අදාල පාසැලේ ගුරුවරයෙකු සම්බන්ධ බවත් ඔහුගේ ලිංගික හා මානසික හිංසනයන් මෙම දැරියගේ මරණයට හේතු වී ඇති බවත්ය.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාතංශය සිද්ධියට අදාල පාසැලේ විදුහල්පති ගෙන් නිදහසට කරුණු විමසා ඇති බවත්, අදාල ගුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව පවසයි. ඒමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති බැවින්, අදාල වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒම නිවේදනයේ සදහන්ව තිබේ.
අදාළ නිවේදනය පහත,
https://moe.gov.lk/2025/05/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a-10-%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94/