අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

විජේරත්න මහතා ශ්‍රී ලංකා අල්ලස් කොමිසමට පත් කළ නවතම පත්වීමයි.

2023 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිතුමා අල්ලස් කොමිසමට පත්වීම් තුනක් කළා.

අල්ලස් කොමිසමේ සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල පත්කෙරුණු අතර කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ පත්කෙරුණා.

මෙම පත්වීම් 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වේ.

Social Sharing
නවතම පුවත්