සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් ONUR වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් ලබාදෙයි

ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) වෙත ඉදිරිපත් කර තිබේ. අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඒ සඳහා අමතර කාලයක් ලබා ගැනීම සහ සංවාදයක් ඉල්ලා සිටීම එහි අරමුණයි. ජාතික සමගිය සහ සමාන අවස්ථා පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණු පිළිබඳව අගය කිරීම සිදු කරන අතරම, ඔවුන් විසින් ප්‍රධාන ගැටලු තුනක්ද පෙන්වා දෙයි. ඒ අනුව

මණ්ඩල සංයුතිය:
පනත් කෙටුම්පත අමාත්‍යවරයාට පත්වීම් සම්බන්ධයෙන් පමණට වඩා පාලනයක් ලබා දී තිබීම,

සිවිල් සමාජ අධීක්‍ෂණය:
සිවිල් සමාජ වැඩසටහන් “මඟපෙන්වීමට සහ පහසුකම් සැලසීමට” ONUR වෙත ලබා දී ඇති බලය, ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා රජයේ මැදිහත්වීම් සහ එය දේශපාලනීකරණය වීම

මහජන සහභාගීත්වය නොමැතිකම: පුළුල් සහයෝගයට සහ අවබෝධයට බාධා කරමින් මහජනතාවගේ සහ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමට රජය අසමත් වී තිබීම

මෙලෙස පෙන්වා දී ඇති ගැටලු වේ.

සැබැවින්ම අන්තර්කරණීය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජය, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙස අත්සන් කළ සිවිල් සමාජ සංවිධාන රජයෙන් ඉල්ලා සිටිති.

Social Sharing
නවතම පුවත්