සිපෙට්කෝවට අඩුවෙන් සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් දෙයි…

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත

නමුත් මෙම මිළ සංශෝධනයන් තුළ ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දීම සයිනොපෙක් සමාගම තීරණය කර ඇත

නව අවුරුදු උදාව නිසා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

Social Sharing
ආර්ථික නවතම පුවත්