දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි.
ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි.
ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.
පසුගිය මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ ගියේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,985ක් ලෙසය.