ආණ්ඩුවට 2/3 බලයක් නෑ, අපේ විකල්පය 19 +

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දැන් නැති බවත් සමගි ජන බලවේගයේ අනාගත බලාපොරොත්තුව 19 වෙනි සංශෝධනය ඉදිරියට ගෙන යාම යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

20 වෙනි සංශෝධනයට විරුද්ධ වීමට සාමුහික වශයෙන් තීරණයක් ගත් බවත් පක්ෂයේ විකල්පය වන්නේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු සකසාගෙන ඉදිරියට යාම බවද ඔහු පවසයි.

සියල්ලම මාධ්‍යට හෙළිදරව් කළ නොහැකි බවත් නමුත් විසිවෙනි සංශෝධනය පරාජය කරන බවද ඔහු පවසයි.

කිසිම ආකාරයකින් ආණ්ඩුවට සම්බන්ධ වීමට තමන් සාකච්ඡා පවත්වා නැතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Social Sharing
නවතම