ලෝකයේ හොදම විද්‍යාඥයින් හා පර්යේෂකයින් අතරට මෙරටින් දෙදෙනෙක්

අමෙරිකාවේ විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරිම් වලට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයින් හා පර්යේෂකයන් දෙදෙනෙකු ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරුන් දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නවරත්නරාජා සතිපරන් සහ ආචාර්ය ආර්. මනරංජන් යන දෙදෙනායි. මහාචාර්ය සතිපරන් යාපනය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ රාජකාරී කටයුතු කරන අතර ආචාර්ය මනරංජන් විද්‍යාපීඨයේ රාජකාරී කටයුතු කරනු ලබනවා.

මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් හා පර්යෙෂකයින් 38 දෙනෙකු අමෙරිකාවේ Stanford විශ්වවිද්‍යාලය සහ Elsevier යන විශ්ව විද්‍යාල දෙක විසින් සලකා බැලීමකට ලක් කිරීමෙන් අනතුරුවයි තෝරාගෙන තිබෙන්නේ.

 

විද්‍යාත්මක ක්ෂේත්‍ර 22 කින් සහ උප ක්ෂේත්‍ර 176 කින් විද්‍යාඥයන් සහ පර්යේෂකයන් තෝරාගෙන ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, මොවුන් තෝරා ගැනීම වාර්ෂිකව විවිධ සාධක මත පදනම්ව විද්‍යාඥයින් ශ්‍රේණිගත කරමින් ප්‍රකාශයට පත් කිරිම සිදු කෙරෙනවා.

Social Sharing
අවකාශය පුවත්