සේවක වැටුප් රුපියල් 20,000කින් ඉහළ නංවන්න…

ආර්ථික ලෙස පිරිහීමට ලක්ව සිටින ජනතාවගේ වැටුප රුපියල් 20,000කින් ඉහළ නංවන ලෙස කර තිබෙන ඉල්ලීම අයවැයෙන් ලබා දිය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

මුදල් පනත යටතේ පැවැති නියෝග සම්බන්ධයෙන් වූ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.රට තුළ ආදායම් වැඩි වුණේ නැහැ. නමුත් වියදම් වැඩිවෙලා තිබෙනවා. ආර්ථික තත්ත්වය යහපත් වෙලා නම් වියදම් වැඩි වෙන්න බැහැ. ආණ්ඩුව කළේ බදු පිට බදු ගැසීම. ඉන් සිදු වුණේ රටේ වියතුන් බුද්ධිමතුන් රට හැර යෑම පමණයි. අදට වඩා හෙට හොඳයි, හෙටට වඩා අනිද්දා හොඳයි කියලා ආණ්ඩුව කයිවාරු ගැහුවාට එවැනි දෙයක් සිදු වෙලා නැහැ. ජාත්‍යන්තර නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සාක්කුවේ ඉන්නවා වගේ කතා කළේ. නමුත් මේ වන තෙක් ණය කපා හැරීමක් සිදු කළේ නැහැ.

Social Sharing

නවතම පුවත්