දකුණු කොරියාවේ රැකියා අවස්ථා සහ ආයෝජන පිළිබඳ සාකච්ඡා!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා පිළිබඳව එහි දී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා පැවසීය.

කොරියාවේ ඇති වු ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත්වීම සහ වර්ධනය සඳහා උගත් පාඩම් සම්බන්ධව සාකච්ජා කළ අතර එම අත්දැකීම ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පිළිගත් ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් වනු ඇත. දකුණු කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය සහ සහයෝගීතාව ලබා දෙන බවට එහි දී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර දේශගුණික ප්‍රතිපත්තිවල පරිවර්තනයට දායක විය හැකි කාලගුණික ක්‍රියාමාර්ග සඳහා වන මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට ද අමාත්‍යවරයා එක් විය. එහිදීස්වභාවික හා දේශගුණික බලපෑම් අවම කිරීමේ විසඳුම් සඳහා ආයෝජන අවස්ථා වැඩි කිරීමට පෞද්ගලික අංශයට හැකිවන පරිදි රාජ්‍ය අංශය තුළ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සම්බන්ධව සාකච්ජා කළ බව සේමසිංහ මහතා පැවැසීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම ද සමුළුවට සමගාමීව පැවැත්විණි. එහිදී දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍යකරණය සඳහා මූල්‍යකරණය ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අතර එමගින් තිරසාර සංවර්ධනයක් ළගාකරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කෙරිණි.

Social Sharing
ආර්ථික නවතම පුවත්