ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනතට තාක්ෂණික සමාගම් විසින් ප්‍රතිචාර…

පසුගියදා ගැසට් කරන ලද ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව Asia Internet Coalition (AIC) කනස්සල්ල පළ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් AIC හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පැවසුවේ ශ්‍රී ලංකා රජය කිසිදු පාර්ශ්වකරුවන්ගේ උපදේශනයකින් තොරව ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගෙන ඒම පිළිබඳව Asia Internet Coalition කනස්සල්ලට පත්ව සිටින බවයි.

විසම්මුතිය සහ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මැඩපැවැත්වීම සඳහා කුරිරු ක්‍රමයක් පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසන බව පේන් වැඩිදුරටත් පැවසීය.

“අපගේ සාමාජික සමාගම් ඔවුන්ගේ සේවාවන් භාවිතා කරන අයගේ සබැඳි ආරක්ෂාව බැරෑරුම් ලෙස සලකන අතර, නීති සම්පාදනය මහජන විවාදය සහ ඩිජිටල් ආර්ථිකයට බලපෑම් කළ හැකි අදහස් හුවමාරුව සීමා කිරීමෙන් නවෝත්පාදනය අඩු නොකළ යුතුය,” ඔහු පැවසීය.

සමානුපාතික, සාධාරණ, ජාත්‍යන්තර හොඳම භාවිතයන්ට අනුකූල වන රෙගුලාසි සකස් කිරීමට සහ වඩාත්ම වැදගත් ලෙස ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සහාය වීම සඳහා කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙස AIC රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව පේන් වැඩිදුරටත් පැවසීය.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2023 සැප්තැම්බර් 18 වැනි දින ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

Social Sharing
නවතම පුවත්