OMP කාර්යාලයට මුදල් වෙන් කිරීම ගැන නැවත සිතිය යුතුයි!

ජීනිවා ගොස් දෙමළ ඩයස්පෝරාව සමඟ එකතුව සිටින පුද්ගලයින් සිටින අතුරුදහන් වූ තැනැත්තන්ගේ (Office on Missing Persons) කාර්යාලයට රජයෙන් මුදල් වෙන් කිරීම ගැන සිතිය යුතු බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේදීය.

පුනරාවර්තන වියදමින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ කාර්යාලයටත් මුදල් වෙන් කර දීම සම්බන්ධයෙන් වැඩිදුරටත් නියෝජ්‍ය කථානායකවරයා වෙත අදහස් දැක් වූ ඔහු මෙසේද කීහ.

එම කාර්යාලය පත් කළේ 30- 1 යෝජනාවක් මත බවත් උදාහරණයක් ලෙස ජ්‍යෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයා ඝාතනය කළ අයගේ ඥාතියෙක් ඇවිත් සල්ලි ඉල්ලුවොත් දෙන්න වෙන්නේ අපේ රජයෙන් යැයි ද කීහ.

එමෙන්ම මෙහි සභාපති සාලිය පීරිස් යන අය පහුගිය යහපාලන රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපි යුද අපරාධ කළා කියලා එකඟතාවයකට පත් වෙනකාට ඒකට පත් කළ බවත් එහි සිටින නිමල්කා ප්‍රනාන්දු යන ඒ කාන්තාව ජීනිවා හී දෙමළ ඩයස්පෝරාව සමඟ කෝපි බොමින් අපේ රටට එරෙහිව කථා කළ බවය.

https://www.facebook.com/ReAdSarath/videos/307054147052007/

Social Sharing
නවතම