තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමට සිදුව ඇති බවයි.

මේ වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් ඇති නිසා ඇතැම් භාණ්ඩ සඳහා පනවන ලද ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරමින් පවතින බවද ඔහු පැවසීය.

භාණ්ඩ වර්ග 1465 කට පනවා තිබූ ආනයන මේ වනවිට ක්‍රමානුකූලව ලිහිල් කරමින් ඇති අතර ඉදිරියේදී අනෙකුත් භාණ්ඩවල ද ආනයන සීමා ඉවත් කිරීමට නියමිතව තිබේ.

Social Sharing
ආර්ථික නවතම පුවත්