පොලීසියට එරෙහිව පැමිණිලි 11 000 ක්!

පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලීසිය එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඉකුත් වසරේ ගතවූ කාලය තුළදී පොලීසියට එරෙහිව පැමිණිලි 11450ක් ලැබී ඇති බවයි.

ඉන් පැමිණිලි 9774ක්ම ලැබී ඇත්තේ මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 ක්ෂණික දුරකථන අංකයටයි.

අනෙක් පැමිණිලි මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1800කට අධික සංඛ්‍යාවක් මේ වන විට විසඳුම් ලබාදී අවසන්.

පැමිණි විභාග නොකිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව පැමිණිලි කර ඇති බවයි පොලිස් කොමිසම වැඩිදුරටත් කියා සිටියේ.

පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරය සහ පැමිණිලි විමර්ශණය පිළිබඳ සිදු කල අධ්‍යයනයක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. එය මෙම සබැඳිය මඟින් download කර ගත හැක.

NPC Report

Social Sharing
නවතම පුවත්