රාජ්‍ය මාධ්‍ය දුවන්න නැවත ජනතා බදු මුදල් නෑ

 

මේ වනතෙක්ම රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ බදු මුදල් ලබාදුන් බවත් මින්පසු එම ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ආයතන විසින් උත්පාදනය කර ගත යුතු බවත් අද පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවට එක් වූ ඇමති බන්දුල ගුණවර්ධන පවසා ඇත.

“රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඉතාම අසීරුතාවයක් තුළයි. ඇත්තම තත්ත්වය ගත්තොත් මීට පෙර එම ආයතනවල සේවක වැටුප් ගෙවීමට මහජනතතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දීලා තියෙනවා.

අද පත්වෙලා තියෙන මූල්‍ය දුෂ්කරතාව තුළ එලෙසින් මුදල් ලබා දෙන්න බෑ.

ඒ නිසා මම සෑම රජයේ මාධ්‍ය ආයතනයකටම උපදෙස් දීලා තියෙනවා කෙසේ හෝ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රමයක් සකස් කර ගන්න කියලා.

මම අධ්‍යක්ෂ මණ්ඩලවලට උපදෙස් දීලා තියෙනවා බැහැර කරන්න පුළුවන් වත්කම් ඒවා බැහැර කරලා ලබා ගන්නා මුදලින් ආයතනයේ අතිරික්ත සේවකයන්ට ස්වයං විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ආයතනය වැටෙනනේ නැතිව පවත්වාගෙන යන්න කියලා.”

Social Sharing
නවතම