විදුලිය 264%කින් උඩයන හැටි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අනුමැතිය ලබා දී ඇත්තේ සියලුම කාණ්ඩ සඳහා සාමාන්‍යයෙන් විදුලි බිල 75% කින් වැඩි කිරීමට ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, විදුලි බිල 75% කින් වැඩි කිරීම 2013 න් පසු පළමු අවස්ථාව වේ.

විදුලි බිල වැඩි කිරීම අගෝස්තු මස 10 සිට ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළ අතර ඔහු සඳහන් කළ ආකාරයට ඒකක 0 සිට 30 දක්වා භාවිත කරන පාරිභෝගිකයින් සඳහා විදුලි බිල 264% කින් වැඩි කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දී ඇත.

ඒකක 31-60 අතර පාරිභෝගිකයින්ගේ බිල්පත් 211%කින් වැඩි කරන අතර ඒකක 61- 90 පාරිභෝගිකයින්ගේ විදුලි බිල 125% කින් සහ ඒකක 91- 120 පාරිභෝගිකයින්ගේ විදුලි බිල 89% කින් වැඩි කරන අතර ඒකක 121 ත් 180 ත් අතර පාරිභෝගිකයින්ගේ විදුලි බිල 79% කින් වැඩි වෙයි.

Social Sharing
නවතම පුවත්