ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්“eye contact” පවත්වන විදිය ආශ්වාදනීය බලාසිටීමක් මට. චාල්ස් ළගදි ඩයනාගේ පෞරුෂය වඩාත් කැපීපේනවා වගේ, ඇගේසැමියා ළඟදිත් ඇගේ පෞරුෂය ඉස්මතුවෙනවා කියල මට හිතෙනවා. හරියට කවියක නම්, දීපකයක් වගේ.
රඟපෑමේදිත් ඒක එහෙමයි. මුල්කාලෙ ඇය ඉක් ඉක්මනින් දෙබස් කියමින් ඉන්නවා දුටුවත්, ක්‍රමයෙන් ඇය ඇගේ ම අනන්යතාවක්හදාගත්තා. මං හිතනව ප්‍රියංකාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක මිස් වර්ල්ඩ් වුණත්, එයාගෙ ගමනට ආලෝකයක් එන තැනඋදාවුණේ, ඉන්දියාවෙන් එහා බටහිර ලෝකෙ එක්ක කළ ගනුදෙනුවයි කියල. ඒවගේ ම කැරියර් එකේ ටර්නින් පොයින්ට් එක, ‘ෆැශන්‘ ෆිල්ම් එක කියලා. ඇයව කොටුකරල තිබුණු එක ම විදියෙ චරිත ගොන්නෙන් වෙනස් චරිත ගේන්න අධ්‍යක්ෂකවරුන්/වරියන් එයින් පසු පෙළඹවූ බවට සැකයක් නැහැ. නමුත්, මට “මුජ්සේ ෂාදි කරෝගි” එකේ “ලාල් දුපට්ටා” සිංදුවත් එක්ක රතුසලුව එක්ක ඉන්න ඇගේ මුහුණ අමතක වෙන්නෙ නෑ. “බර්ෆි” චිත්‍රපටයේ ‘ජිල්මිල්‘ වෙනුවෙන් දෙබස් තිරපිටපතේ නොතිබුණු නිසාප්රියංකා ඒ ළමයි දිහා බලල, ඔවුන් ආශ්‍රය කරල තමන්ගේ මුහුණෙන්, හැසිරීමෙන් අවුට්පුට් එක විදියට දෙනවා. “බාජිරාඕමස්තානි” ෆිල්ම් එකේ දි කොඩියක් අරන් කරකැවෙමින් නටන තැන සහ ඇස්වලින් දෙන බැලුම් අති මනෝහරයි.
ප්‍රියංකාගේ හඬ දියසීරාවක් වගේ එකක් නෙමෙයි. යම් දැඩිබවක් තියෙනවා. රළු පෘෂ්ඨයක් සමඟ මුවහත් වුණු පැසුණු බවක්තියෙනවා. ළඳ බොළඳ කොමල බවකටත් වඩා ඒ හඬේ තියෙනවා, පිරිසක් මෙහෙයවීමේ, පෙළබවීමේ හැකියාව. ඒවගේ ම, නරඹන්නන්, ප්‍රේක්ෂකයන් ආකර්ෂණයවෙන්න ඇගේ තොල්වල පිහිටීම සහ පෙනුම බලපානව ඇති මං හිතන්නෙ. මම කාන්තාසෞන්දර්ය බලන් ඉන්න කැමති කෙනෙක්. ඇය ඉංග්‍රීසි බසින් කතාකරද්දි වචන උච්චාරණය කරන විදිය මං හොඳින් බලන්ඉන්නවා. මේ සියල්ලෙන් හැදුණු ප්‍රියංකා ගැන වැරදි නරක යමක් හිතන්න මට කවදාවත් වුවමනා වෙලා නැහැ. එයින් අදහස්වෙන්නෙ නෑ මම ඇයව දේවත්වයෙන් අදහන බවක්. විවේචන තිබෙනවා. නමුත්, ඒ දේවල් නිසා ඇගෙන් ගන්න පුලුවන් දේවල්නොපෙනී ගොස් නැහැ.
නොනැවතීම, නොබිය බව, තමන්ව විශ්වාස කිරීම, අවස්ථා උරගා බලන විදිය, ඒවා තමන් වෙතට අරගෙන උපරිමයෙත් උපරිමයටයන විදිය, යමක් වෙනුවෙන් කැපවීම, ගමන්ගන්නා මාර්ගය නිතර වෙනස් කිරීම, එක් එක් ඉන්ඩස්ට්‍රියට ඇතුළු වෙමින් ටික ටිකදිනන විදිය, තමන්ගෙ හොඳ ම වර්ෂන් එක වෙන විදිය, තවත් කෙනෙක්ට ගරුකරන විදිය… මේ දේවල් ඇගෙන් මා දුටු සාධනීයදේවල්. ලෝකයට බලපෑම් කළ හැකි අය අතර ඇගේ නම තිබීම, සතුටුජනකයි. ඉන්දියාවෙන් එහා ලෝකේට පය තියන්න, එහෙජීවත්වෙන්න, සිනමාව අරඹන්න, තමන්ගෙ ම අවන්හලක් අරඹන්න වගේ දුරක් දක්වා යන්න ඇය කොහොම දිරිය ගත්තද කියනඑක මාව නිතර ම විස්මය පත්කරන කාරණයක්.
අපි දන්නවා, කෙනෙක් තමන්ගේ ජීවිත කතාව ගැන ලියද්දි 100%ක් ඇත්තම ලියන්න පෙළඹෙන්නෙ නැති බව. එහෙම අවශ්යත්නැහැ. නමුත් සෑහෙන කොටසක් ඒ වෙනුවෙන් හිතෙන් එළියට දාලා නිදහස්වෙන්න පටන්ගන්නවා. සීමිත ප්‍රමාණයක් තමා සතුවත්තියාගන්නව. කමලාදාස්ගේ චරිතාපදානයට එද්දි ඇය නිර්භයව ඇය සතුව තිබූ බැඳීම් ඉදිරිපත් කරනවා. ලංකාවේ කාන්තාවන්ස්වයං චරිතාපදාන ලිවීමේ අඩුබව ගැන දවසක් සරත් විජේසූරිය සර් මා එක්ක කතාකරමින් ඉද්දි කිව්ව ලංකාවෙ “සුනේත්‍රා” ලියන්න ම ඕනෙ කෙනෙක කියලා.
ප්‍රියංකාගේ සම්පූර්ණ කතාව ම අපිට එයා ලිව්ව පොතකින් වුණත් කියවන්න අමාරුයි. “මම මෙතැන ඉන්නෙ මේවගේ හොඳපසුබිමකින් හැදුණු නිසා” වගේ, රෝසමල් ඇතිරිලි මතින් ආ ගමනක් විදියට තමාව හඳුන්වා නොදී තමන් විඳි ශෝක පක්ෂයලෝකෙට කියන්නත් කෙනෙක්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ කියල මම හිතනව. මේ කතාවෙ දි ඇය ඇය ගැන ම කියනවතමයි නමුත්, හැමදේකින් ම ලබපු අත්දැකීම් ඇයව ඉදිරියට මෙහෙයවූ විදිය, ඇය හඬා වැටුණු තැන් ගැන, ඇයව ප්‍රතික්ෂේප වූතැන් ගැන, තමන්ගෙ දුබලතා ගැන…කියන්නත් නිහතමානී වෙනවා. තව කෙනෙක්ට නොනවත්වා වැරදි පැටවීමට, වෙර බැඳීමට, ගැරහීමට ඇය යොමුවෙන්නෙ නැතිතරම්.
මං හිතන්නෙ ප්‍රියංකාගේ ගමනට දෙමවුපියන් ඇයව තේරුම්ගත්ත විදිය බලපෑවා කියලයි. ඇගේ මව නොනවත්වා අලුත් දේවල්එක්ක මුහු වුණු, ඉගෙනගත්ත කෙනෙක්. ඉන්දියාව ගැහැනු දරුවන් කෙරේ බලපු බමුණු දැක්මෙන් නොබලා, ඇය වෙනුවෙන් දෑතවිවර කිරීම, කුස්සියට කොටුකරල තියන්න උත්සාහ නොකළ විදිය…අවශ්‍ය තැන්වලදි ප්‍රියංකා ඔවුන්ට විතර්කව අදහස්ඉදිරිපත්කරමින් තමන්ගේ හීන වෙනුවෙන් පෙනී සිටි විදිය, තමන්ට ඇති වරප්‍රසාද තවත් කෙනෙකුට නැතිව තිබියදී කොන්දේසිවිරහිතව පෙනී සිටීම වගේ දේවල් කියවද්දි දකින්න පුලුවන්.
බාලිකා පාසල්, නේවාසික පාසල්වලදි ගැහැනු ළමයිව අච්චුගත කරන විදිය ගැන මට කවදත් විවේචනයක් තිබුණා. “මදම්බෝවාරි” ෆිල්ම් එකේ දි, පෙන්වනවා රොබෝලා වගේ ගෑනුළමයිට විනීතව ඉන්න හුරුකරන විදිය. ඒ දේට ප්රියංකාටත්මුහුණදෙන්න වෙනවා. මේ රාමුකිරීම නිසා ඇය මුලදි හඬා වැටුණත්, පස්සෙ පස්සෙ තනියම ජීවත්වෙන විදිය ඉගෙනගන්නවා, පවුලෙන් පිටතදී.
‘Unfinished’ ආව කාලෙ, ප්‍රියංකා සමඟ වින්ෆ්රි ඔප්රා කළ කතාබහ නිසාත්, පෙන්ගුයින් එකෙන් පළකරල තිබ්බ නිසාත්, ගන්නඕනෙකමක් ඇති වුණා. කොහොමහරි මාස ගානක් පෙරුම්පුරල අරගත්තා. මේ මාසෙට ම වගේ මුකුත් ලියවෙන්නෙ නැතිව අක්රීයවතිබ්බ අත මේ වෙනුවෙන් ලියන්න පණගහලා ගත්තා. මේ ගැන මතුවට යමකුත් ලියවේවි කියල ඉවෙන් වගේ හිතෙනවා.
මේ පොතේ නම, මට මතක් කරන්නෙ, Don -2 ෆිල්ම් එකේ ඩොන් කියන සටන් පාඨයක් වගේ එකක්(Don නොගෙන Don2 ගත්තෙ ඇයි කියන්න ප්‍රියංකාව නරඹන්නො දන්නව ඇති). “අවසන් නැහැ” කියනවට වඩා මම කැමතියි ඒක මෙහෙම කියවගන්න,
“මාව අවසන් කරන්න උත්සාහ කළත්, මම තාම ඉවර වෙලා නෑ. මම තවම ජීවත්වෙමින්“.
ඒක සුන්දර චැලේන්ජ් එකක්, ප්‍රතිප්‍රහාරයක් සහිත පාඨයක් වගේ මට දැනෙන්නෙ. පොතෙන් එහාට ප්‍රියංකාගේ ජීවිතේ කියවද්දිතේරෙන්න ගන්නවා එහෙම දෙයක් වුණත් යොදන්න පුලුවන් නේද කියල.
“It’s OK to pick up, walk away, leave things unfinished, and move on to what’s next.” | Unfinished
මේ උපුටනය මට මෑතකදි තමන්ගෙ හඬින් ලෝකෙට ම සාධනීය අසිරියක් ලබාදීලා දිවියෙන් සමුගත්ත, ජේන් හෙවත් Night bird, America’s Got Talent වැඩසටහනට පැමිණ ගැයූ ගීය මතක් කරනවා.
“It’s ok, it’s ok, it’s ok
If you’re lost
We’re all a little lost and it’s alright..
Ohhh, it’s alright
To be lost sometimes…!”
ඩිල්ෂානි චතුරිකා දාබරේ