ආර්ථික අර්බුදයේ පිහිටෙන් යාවෙන ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති.

මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුව සහ යාපනය අර්ධද්වීපය අතර ප්‍රවාහන සම්බන්ධතා ඉතා ඈත අතීතය දක්වා දිවෙන අතර අතීතයේදී තලෙයිමන්නාරම සහ රාමේශ්වරම් අතර යාත්‍රා සේවාවක් පැවති අතර එම සේවාව යුද්ධය සමග නතර විය. 1970 දශකය දක්වා තමිල්නාඩුව වෙත පලාලි සිට සිදු කෙරුණු ගුවන් ගමන් ද නතර කර දැමුණේ ආරක්ෂක හේතුන් මතය.

මෙම ප්‍රවාහන සම්බන්ධතා නැවත ඇරඹීම මඟින් ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම ඉන්දියාවේ සංචාරක කර්මාන්තයට ද හොඳ කාලයක් උදාවෙනු ඇතැයි දෙරටේම ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

Social Sharing
ආර්ථික