ශ්‍රී ලංකන් විකුණයි

විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව දේශපාලන පත්වීම ඔස්සේ සේවකයන්ගෙන් අසීමිතව පුරවා ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන ලෙස එහි පාලනාධිකාරියට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

එහිදී කිසිඳු සේවයකයෙකු බලෙන් විශ්‍රාම ගැන්වීමක් සිදු නොකරන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අයට ඉහළ වන්දි මුදලක් ලබාදෙන බවත් සඳහන් වෙන අතර රුපියල් බිලියන 315 ණය කන්දක් සමග පවතින ශ්‍රී ලංකන් රටේ ජනතාවට තවදුරටත් බරක් වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම