උසස් පෙළ ඔක්තෝම්බර් හෝ නොවැම්බර්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව නව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

එසේම 2023 වසර ආරම්භවීමට පෙර මෙම දෙසැම්බර් 22, 23 පමණ වන තුරු මෙම වසරේ පාසල් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි කී ඇමතිවරයා මෙම වසරේ විෂය නිර්දේශ සියල්ලම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

තවද 2023 වසරට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය සඳහා සහ නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලෙස ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටින බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

Social Sharing
නවතම