පාඨලී ගන්න රනිල් කැමතියි..!

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද රට ගොඩනැගීමට සහ වර්තමාන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් අගමැතිවරයා සිය එකඟතාවය පළකර ඇත.

පසුගිය දා 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් එවමින් මෙම එකඟතාවයන් ප්‍රකාශ කර ඇත.

මීට ප්‍රථම මෙවැනිම ආකාරයේ ලිපියක් හරීන්_මනූෂ දෙදෙනා වෙතද යොමුකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සජබ ප්‍රබලයන් එකතු කරගනිමින් ඔවුන් හට අමාත්‍ය ධුර ලබාදෙමින් නව ශක්තිමත් ආණ්ඩුවක් නිර්මානය කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි කරුණු වාර්තා වෙයි.

Social Sharing
නවතම