රාජපක්ෂලා අරගලය කුඩු කරපු හැටි

රනිල්ද සජිත්ද නැත්තං වෙන කවුද ආදී වශයෙන් ලොකු නම් තරගයක් යනවා. තාමත් අගමැතිවරයා දිවුරුම් දීලා නෑ. අපි ඉන්නෙඉතාම භයානක අස්ථාවරත්වයක. ඒත් අවාසනාවකට රටේ අරගලය කරන පිරිස්වලට වගේම ජවිපෙ සජබෙ ආදී ප්‍රධානපක්ෂවලටත් මේ අවදානම තේරෙන්නෙ නැහැ. අනුර සහ සජිත් දෙන්නම තමන්ගේ කොන්දේසිවල ලියන්නේ ගෝටා අයින් වුනොත්තමන් ආන්ඩුව බාරගන්නවා කියලයි. ඒත් ආන්ඩුව බාරගෙන ව්‍යවස්ථානුකූලව ගෝටා එළවීමේ අභියෝගය කිසි කෙනෙක්බාරගන්නෙ නෑ.

රනිල් ආන්ඩුව බාරගන්න කැමති බව ප්‍රකාශ කරලා තිබුන. එතකො‍ට බටලන්දයි, බැඳුම්කරයි, මහින්දගෙ යාලුවොයි ආදී වශයෙන්චෝදනා ලැයිස්තුවක් සෝෂල් මීඩියා හරහා පැතිරෙන්න ගත්තා. තව සමහරු රනිල් විසින් නාමල්ට පාර කපනු ඇතැයි කිව්වා

මේ හැම දේකින්ම වැටහෙන කාරණය තමයි තාමත් පුරවැසියන් තමන්ගේ බලය ගැන නොදැන ඉන්නවා කියන එක. අරගලයේඋවමනාවන් ඉතාමත් කන්‍යාමයයි කියන එක. ලංකාව තියෙන්නෙ ආර්තික ගණිකාවකට විතරක් ගොඩගන්න පුළුවන් තත්වයක. එතනදි කන්‍යාවකට කරන්න පුළුවන් දෙයක් නෑ

රනිල් වේවා, සජිත් වේවා, අනුර වේවා කවුරු ආවත් පුරවැසියන්ට තමන්ගේ ඉල්ලීම් තියෙන්න ඕන. වෙනුවෙන් කවර හෝආන්ඩුවකට බලකරන්න ඕන. නාමල් රාජපක්ෂ බලයට එනවා නම් ඒක කරන්න වෙන්නෙ චන්දෙකින්. පුරවැසියන්ට තමන්ම නාමල්ටචන්දෙ දෙයිද කියල විශ්වාස නැත්තං ගැන රනිල්ට කරන්න දෙයක් නෑ

ජින් ශාර්ප් කියන්නෙ ප්‍රචන්ඩත්වයෙන් තොර අරගල පිළිබඳ විද්‍යාවේ අයින්ස්ටයින් කියලයි කියන්නෙ. එයාෆ්‍රොම් ඩික්ටේටර්ෂිප් ටුඩිමොක්‍රසිකියන පොතේ පැහැදිලි කරනවා රෙජීමයක බල කණු එකින් එක බිඳ වට්ටමින් බලය පුරවැසියන් සතු කරගන්න හැටි. එතනදි භාවිතා කළ හැකි මෙවලම් රාශියකුත් පොතේ විස්තර කරනවා. ජින් ශාර්ප් කියන විදිහට අපි කිසිසේත්ම පාලකයාඉවත්වන තුරු බලය ලබා නොගෙන සිටිය යුතු නැහැ. ඒක එයා දකින්නෙ අත්වැරදීමක් විදිහට.

‘’ඔබ පාලකයා ඉල්ලා අස්වන තුරු සටන් කළ යුතු නැත. ඔබ කළ යුත්තේ පාලනයේ බලකණු එකින් එක අත්පත් කර ගැනීමය. පාලකයා අස්වන තුරු සටන් කිරීම කාලය දීර්ඝ කිරීමකි. ඇතැම්විට එය පාලකයාට වාසියක්ද ගෙන දෙයි. ඊජිප්තුවේ කල වරදඑයයි. එයින් පාලකයා භෞතිකව නැතිවත් ඔහුට යම් බලයක් ලබාදීමක් සිදුවුනා. සියලු සපෝර්ට් සිස්ටම් ඉවත් කිරීමෙන් පසුපාලනය බිඳ වැටෙනවා. පාලකයා හිටියත් බලයක් නැති වෙනවා. නිසා පාලකයා ඉවත්වන තුරු සටන් කිරීම පසෙක ලා රෙජීමපාලනයේ බලකණු තමන් සතු කරගැනීමත් එමගින් පාලකයාගේ බලය සම්පූර්ණයෙන් නිශ්ක්‍රීය කිරීමත් තමයි අරමුණ විය යුත්තේ’’

ජින් ශාර්ප්
ප්‍රචණ්ඩත්වයෙන් තොර විප්ලවය

 කවුරුන් හෝ ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත්වීමයි වැදගත්. එය කොන්දේසි විරහිතව බාරගැනීමක් වුනත් මට අනුව සාධනීයයි. ඒකට හේතුව බාරගන්නා ඕනෑම කෙනෙකුට සඳහා පාර්ලිමේන්තු බහුතරයක සහයෝගයක් අවශ්‍ය වීමත්, පිටත අරගලය විසින්රාජපක්ෂලාගේ ලෙජිටිමසිය සම්පූර්ණයෙන් ඉවත් කර තිබීමත්. නිසා කිසිසේත් නැවත ආණ්ඩුවකට අකටයුතු දේ ප්‍රජාතන්ත්‍රවිරෝධීව කරන්න බැරි වෙනවා. තත්වයන් ආපහු රිවර්ස් වෙන තත්වයන් නෙමෙයි. ඒත් පැහැදිලිවම පුරවැසි අරගලයේ පාර්ශ්වතමන් විසින් ඇත්තටම කරමින් ඇති දේවත් තේරුම් අරගෙන තියෙන බවක් පේන්න නෑ. නිසා කුඩා දරුවන් වගේ ගෝටායනතෙක්ම සටනේ වැනි පාඨයන් දැරීම හැරුනු කොට රටේ මිනිස්සුන්ගෙ කෑම බීම බෙහෙත් විදුලිය ආදී ප්‍රශ්න ඉක්මනින් විසඳීමේඋවමනාවක් අරගලකරුවන්ගෙන් පිළිඹිඹු නොවීම අවාසනාවක්.

අරගලයේ එක වැදගත් සංධිස්ථානයක් වෙන්නෙ මහින්ද රාජපක්ෂ විසින් ජොන්ස්ටන් සහ පිරිස යොදාගනිමින් අරගලයට එල්ල කළතිරශ්චීන ප්‍රහාරයයි. එය කිසිසේත්ම මොළයක් ඇති කෙනෙක් කරන වැඩක් නෙමෙයි. එදා මං මේ සටහන ෆේස්බුක් එකේ දැම්මා.

‘’ඇත්තටම මහින්දලා ආරක්ෂා වෙලා හිටියෙ ගෝල්ෆේස් අරගලය හින්දයි. මිනිස්සු තමන්ගේ පීඩනය දිහා බලලා නිවාගත්තා. කේන්තිය සිංදුවක් අහලා ඉවසගත්තා. ඒක වේල්ලක්. මොළයක් නැති මහින්ද අද තමන්ට ආරක්ෂාව සලසපු අරගලයට ගැහුවා. එතකොට මිනිස්සුන්ගෙ පීඩනය රට වටෙන් වේලි බි‍ඳගෙන පුපුරා හැලුනා. මහින්දගෙ විතරක් නෙමෙයි රටේම කපුටන්ගෙ රෙදිලෙෆ්ට් !’’

නමුත් මේ මුදාහළ ප්‍රචන්ඩත්වය දූෂිත රාජපක්ෂ පාලනයේ දිශාවට විතරක් එල්ල වුනේ නෑ. ඇතැම් අවාසනාවන්ත කොල්ලකෑම්සහ ජාතිවාදී තත්වයන් මේ ඇතුලෙ නිර්මාණය වුනා. ලංකාවෙ කාලයක් පුරා මුල්බැස ගෙන තිබුනු රාජපක්ෂ සංස්කෘතියේ ලකුණුමතුවෙන්න ගත්තා. තත්වයන් කෙසේ හෝ සමනය කරගත්තත් ප්‍රචන්ඩත්වය හරහා අරගල බිම බිඳීමකට ලක් කළා.

අරගලයේ පහරදීම වෙලාවෙදි ආපු විපක්ෂ නායකයාට පහර දෙන්න ගියා. හූ කියල එලවලා දැම්මා. අනිත් පැත්තට ජවිපෙ අනුරකුමාර වැළඳගත්තා. අරගලයේ ගැලවුම්කරුවා වගේ වුනා. මේ හරහා අරගල භූමිය නරක විදිහට ධ්‍රැවීකරණය වුනා. එතන තිබුනුසියල්ලන්ට විවෘත, බාරගන්නාසුලු, ආදරයේ ස්වභාවය වෙනුවට අනෙකාව බැහැර කරන කල්ට් ලක්ෂණ මතුවෙන්න ගත්තා

විපක්ෂ නායකයාට හූ කියා පලවාහැරීම ගැන අනුර කුමාර ටීවී එකට ඇවිත් හිනාවුනා. ලොකු වාහන වලින් ආපු නිසා යැයිකිව්වා. නමුත් එවන් දෙයක් සිදුවීම ගැන තමන්ගේ කණගාටුව දැඩිව පළකිරීමක් සිද්ද වුනේ නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්හැටියෙන් එයා තේරුම් ගත්තෙ නෑ. හා සමගාමීව අරගලබිමේ අයත් මෝඩ සජියා කියමින් විහිලු කරන්න ගත්තා. සජිත් ‍’මෝඩනම් මෝඩකම හූ කියා පලවාහැරිය යුතු තත්වයක්ද කියල අහන්න අරගලබිමේ කිසි කෙනෙක් හිටියෙ නෑ. තමන් දුකට පත්වුනුවෙලාවෙදි එතනට ආපු මිනිසාට අත්විඳින්න සිදුවුනු හිරිහැරය ගැන කණගාටුවක් ඔවුන්ගෙන් පළවුනේ නෑ. වෙනුවට ඒකතමන්ගේ බලය වඩා ගැනීමට කළ උත්සාහයක් හැටියෙන් අපහාසයට ලක්කෙරුනා.

අරගලයේදී අපි මුලින් දුටු මානුෂිකත්වය ඒක නෙමෙයි. එතන පැහැදිලිව දකින්න තිබුණු පාක්ෂිකභාවය නැති කරන්න කිසිදුප්‍රකාශයක් එලියට ආවෙ නෑ. වෙනුවට ගැන ප්‍රශ්න කරන අය පවා දැඩිව මොබ් හැසිරීමකින් යුතුව සෝෂල් මීඩියා හරහා පහරදෙමින් අරගලයේ කොටස්කාරීත්වයෙන් පලවාහැරියා.

රාජපක්ෂලා විසින් තමන්ගේ ප්‍රචණ්ඩත්වය හරහා අරගලය දෙකඩ කළා. ඒත් බව තේරුම් ගන්න අරගලයේ තරුණ පිරිස්සවිඥානකව හිටියෙ නෑ.

අවසානයේදී රනිල් විසින් ආණ්ඩුව බාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කළා. එතනදි ගෝටා එළවන තෙක් ආණ්ඩුවක් නොතැනිය යුතුයැයි අරගලකරුවන් විරෝධය දක්වන්න ගත්තා. මෙතන පැහැදිලි වුනු දෙයක් තමයි ජනතා අභිලාෂයන් සහ අරගලකරුවන් අතරපවතින විශාල පරතරය. තමන්ගේ ආහාර බෙහෙත් විදුලිය ආදී ප්‍රශ්න වෙනුවෙන් පෙළෙන ජනතාවගේ උවමනාවන් වහාමසංසිදු‍වීමේ පියවරක් ගනු වෙනුවට අරගලකරුවන් ජනතාව තවත් අමාරුවෙ හෙළන ඡන්දයක් යෝජනා කරමින් හිටියා

ගෝටා තමන්ගේ කැමැත්තෙන් ඉවත් වන්නේත් නැත්නම්, පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවක් හදාගන්නට ඉඩදෙන්නේත් නැත්නම්, එතනින් එහා එළඹෙන්නේ ඡන්දයක් පමණයි. එය කොහෙත්ම මේ වෙලාවෙ රටට දරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න පුළුවන්වැඩක් නෙමෙයි. එළුවාගේ මොකක් හෝ වැටෙනකල් බලන් සිටීමේ අරගලය කියන්නෙ ජනතා උවමනාවන් නොතකා හරිනප්‍රවේශයක් බව මේ තරුණයන්ට වටහා දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ඔවුන් වන විටත් පාක්ෂිකභාවයේ ගිලී තිබුන

රා‍ජපක්ෂලාගේ ප්‍රහාරයේ සාර්ථකත්වය මෙයයි. අරගලය තුලටත් රාජපක්ෂවාදය කාන්දු කිරීමයි. තමන්ගේ අදහස්වලට එරෙහිසියල්ලන් ලේබල් කරමින්, ඔවුන්ට පහර දීමට යෝජනා කරමින් අරගලයේ සැබෑ ආධ්‍යාත්මය විනාශ කරන මානසිකත්වයක්එතනින් පස්සෙ නිර්මාණය වුනා.

යම් හෙයකින් මේ තත්වය තාර්කික, රට ස්ථාවර කළ හැකි ක්‍රියාමාර්ගයන්ට පරිවර්තනය කරගන්න බැරි වුනොත් මේ අරගලයරටට හානිකර, රට අරාජික කරන අරගලයක් බවට පත්වෙනවා. ආරම්භයේදී ඉතාමත් සොඳුරු මානුෂික අරගල අවසානයේදීබිහිසුණු ජනඝාතක කැරලි බවට පත්වෙලා තියෙනවා.

චින්තන ධර්මදාස අනිද්දා පුවත්පතට ලියනු ලබන කල්ට් කොලම

Social Sharing

Related posts