ඔහු ගිය එක හොඳය..!

කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය.
කිරුලපන “camp එක වත්ත ” කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්‍රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ රාජ්‍යයේ සැලකිය යුතු නායකයන් දෙදෙනෙකි. හවස් යාමයේ පැයක් පමන කාලයක් Kirulapana community ctr. හි bar excersise කරන කරු රෑ බෝ වනවිට, හයිලෙවෙල් පාර හංදියේ දී දැකගන්නට පුලුවන. (Shooting නැත්නම්)

ඇත්ත හයිය මිනිහෙකු, ඇත්ත නිර්භය මිනිසෙකු වූ හේ, කිසිවිටෙක ගැහැණුන් සිටින තැනක සිය හඬ උස් නොකරයි. ඔහු සිටිනා තැන තමන් සුරක්ෂිත බව අපේ සිනමාවෙ කාන්තාවෝ හොඳින් දැන සිටියහ. විටෙක අනවශ්‍ය කරදරකාරී පෙලහර පාන්නෝ ටික වෙලාවක් නිරීක්ෂනය කරන කරු ට, වාක්‍ය දෙකෙන් ඔවුන් පලවා හැරීම ටොයිස් වැඩකි.

වරෙක රන්දෝළි එකේ රූ ගත කිරීමකදී කුනුහරුප වපුරවමින් සැමට වාතයක් වෙමින් සිටි අයෙකු විධානාත්මක “අඩෝ අඩෝ….” එකකින් ඔහු කක්ෂණිකව නැවැත්වීය. මාතර නළු නිළි ක්‍රිකට් තරගයකදී නිළියන්ට අනිසි ලෙස සලකන්නට හැදූ අයෙකු උස්සා බිම ඇන්න අයුරුද අපේ මතකයේ ඇත.

ඔහුගේ පළමු film fight එක “හදවත් නැත්තෝ” (with Robin Fernando) තවමත් අද්විතීය ය. සීතාදේවි සඳහා මර්වින් ජයතුංග සමග ත්‍රී මලේ swami rock හි හෙලක් අසල කල සටන (fight directed by Gamini Fonseka) අපි සැවොම බලා සිටියේ තුෂ්නිම්භූතවය. පකිස්තාන් නලු Usman තක්බීර් වී සිටි අතර, ඉන්දීය නිලි Mamata Shankar කිහිප විටක් මර හඬ දී කෑ ගැසීය.

අවසාන කාලය කරු ගේ ජීවිතය දුක්ඛ දෝමනස්සයක්ම විය. ඔහු එසේ ජීවත් වී පලක් නැත. ඒ නිසා ඔහු ගිය එක හොඳය.
Karu…. Adios!

අජිත් ජිනදාස

Social Sharing
නවතම විශේෂාංග