බැඳුම්කර ගත්තේ කබ්‍රාල්ගේ ගජමිතුරෝ – රෝහිණී කවිරත්න…

බැඳුම්කර සල්ලි ගෙවන්න බැරි බවට ආපු බිය නිසා බැඳුම්කර ගත්ත ග්‍රීක් බොන්ඩ් එක අවස්ථාවේ සිද්ධ කළා වගේ 50%කට වඩා අඩු මිලට ද්වීතීය වෙළෙදපොලේ බැඳුම්කර ටික විකුණූ බවත්, එම බැඳුම්කර ලබාගත්තේ  ශ්‍රී ලංකා මහ බැංකු විගණන වාර්තාවල නම් සඳහන් කබ්රාල් ගේ  ව්‍යාපාරික ගජමිතුරෝ සෙට් එක බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නී, වර්තමානයේ ලංකාවේ තියෙන්නේ හොරකම් ආර්ථිකයක් බවය. ශ්‍රී ලංකා මහ බැංකුව හොරකම් කිරීමේ කේන්ද්‍රය බවත්, 2010 – 2014 කාලයේදී හොරකම් කළ ‘පම්පිං – ඩම්පිං’ කණ්ඩායම නැවතත් වර්තමානයේදී රටේ ආර්ථිකය සහ ඩොලර් ටික හසුරවන බවත් ප්‍රකාශ කරන ඇය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඩීල් එකක් දාගත්ත ගමන් ටුවිටර් පණිවිඩයක් ගහන බවත්, ඒවා ජනමාධ්‍ය කිසිඳු හිරිකිතක් නොමැතිව වාර්තා කරන බවත් ප්‍රකාශ කළාය.

පහුගිය 18 දා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගෙවීම සම්බන්ධයෙන් ලොකු සංදර්ශනයක් තිබුණ බවත්, ගෙවනු ලැබූ ඩොලර් මිලියන 500 න් 170ක්ම තනි පුද්ගලයෙකුට ගිය බවත් මෙහිදී ඇය ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම