ලංකා පෙන්ටගනය, තවත් රුපියල් කෝටි 1200ක් ගිලී…

2022 වසර සඳහා වූ අයවැයෙන් රුපියල්  කෝටි 1200ක මුදලක් නැවතත් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා වෙන් කර ඇත.

වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ශ්‍රැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා විකුණා දැමුණු අතර ඒ අනුව හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට දැනට රුපියල් කෝටි 7747ක වියදමක් දරා තිබේ.

දැනගන්නට තිබෙන හැටියට ඉඩම විකුණා ලැබූ අඩු මුදල සහ මෙම මුදල අතර විශාල වෙනසක් පවතී. ඇමරිකාවේ පෙන්ටගනයේ හැඩයට ඉදිකරන්නට සැලසුම් කර ඇති මෙම විශාල ගොඩනැගිලි සංක්‍රීරණය සඳහා 2011 දී රුපියල් කෝටි 5330ක් ඇස්තමේන්තු කර ඇති අතර එහිදී 2019 වසරේ ඉදිකිරීම නිමකරන්නට සැලසුම් සකස්කර තිබුණත් තවමත්  වැඩ නිමකරන්නට සමත්වී නැත. මේ අනුව පසුගිය  2020දි රුපියල් කෝටි 428ක් සහ 2021දි රුපියල් කෝටි 789ක් මේ ගොඩනැගිල්ල සඳහා වියදම් කර ඇත.

මෙම ගොඩනැගිලි සංක්‍රීරණයත් හම්බන්තොට ගොඩනැගිලි මෙන්ම සල්ලි ගිලින තවත් සුදු අලියෙක් පමණක් බව බොහෝ දෙනෙකුගේ මතයයි.

Social Sharing
නවතම