වී මිල ගැන ආණ්ඩුවේ තනි තීරණයට ගොවින්ගේ විරෝධය !

වී මිල සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය හා ගොවිතැන සම්බන්ධයෙන් මෙතෙක් රජය විසින් ගෙන ඇති කිසිදු තීරණයක් ගොවීන් ගෙන් විමසා නොවිමසා ගොවිතැන විනාශ කිරීමට සැරසීමට එරෙහිව දැවැන්ත අරගලයක් සංචරණ සීමා හා නිරෝධායන ඇදිරිනීතිය ඉවත් කළ වහාම දියත් කරන බව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ  ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.

එම ගොවිසංවිධානය මාධ්‍ය හමුවක් කැදවමින් අද  (07) මේ බව පැවසීය.පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවිබිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් ඩී. සරත් ජයසිංහ  මහතා අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“අද වන විට පොලොන්නරුව විතරක් නෙමෙයි මුලු රටේම ගොවි ප්‍රජාව දැඩි කනස්සල්ලට,කම්පනයට, ආතතියට පත් වෙලා ඉන්න අවස්ථාවක් තමයි මේක. රජයේ වාරණ ක්‍රියාමාර් ග නිසා ගොවියාට ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන මම කියන්න කැමතියි. වී මිල ගැන කතා කළොත් එහෙම දැන් රජය පනවා තිබෙන මිල කිසිසේත්ම සාධාරණ නෑ. එය කිසිසේත්ම ගොවියාට සාධාරණ මිලක් නෙමෙයි.

රුපියල් 50ට නාඩු වී කිලෝ එකක්,සම්බා වී කිලෝව රුපියල් 52යි, කීරි සම්බාවලට ඊට වඩා ටිකක් මිල වෙනවා. නමුත් පෞද්ගලික අංශය ඊට වඩා හොද මිලක් ගොවියාට ලබා දුන්නා. රජයේ මේ වැරදි ක්‍රියාමාර් ගය නිසා අපට ඒ මිල අහිමි වුණා. දැන් ගොවියාගේ පැත්තෙන් ද මේ රජය බලන්නේ. අපේ වී වලට සාධාරණ මිලක් ලබා දීමට රජය කටයුතු නොකරනවා නම් අපි ඒකට එරෙහිව ඉදිරි දිනවල දී සටන් කරනවා.

වීදිවලට බහිනවා, උද්ඝෝෂණ කරනවා.අපි අක්කරයක ට රුපියල් 61 000ක් විතර වියදම් කරනවා අක්කරයකට. මේ වෙනකොට ගොවියාගේ ටැක්ටරය උකස් කඩේ. කණකර උකස් කරලා,වී ටික විකුණා ගන්න විදිහක් නෑ.සි යයට 3ක් 4ක් තමයි ගොවියා වී විකුණලා තියෙන්නේ. ගොවියාට ණය ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්නවා. මේ රජය බලයට පත් වෙලා ගොවියා හා ගොවිතැන සම්බන්ධයෙන් ගත්ත සියලු ක්‍රියාමාර් ග තීරණ වැරදියි. ගොවියන් ඉතාමත් දැඩි කම්පනයකට පත් වෙලා ඉන්නේ.කාබනික පොහොර වැඩසටහන ගත්තත් ඉතාම අකාර් යක්ෂමයි.

වී  මිල සම්බන්ධයෙන් ගත්තත් මේ වෙලාවේ ඉතාම අසාධාරණයි.වී මිල වහාම සංශෝධනය විය යුතුයි. ඒ සදහා පෞද්ගලික අංශයට දොර විවර කළ යුතුයි. වී මිල සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් ආණ්ඩුව තීරණයක් ගතයුතුයි. අපි මේ වේලාවේ රජයට කියන්න කැමතියි රුපියල් 65ක් වත් නාඩු වියලි වී කිලෝවක් සදහා ලබා දිය යුතුයි. සහල් සදහා මිල පාලනයක් සුදුසු පරිදි යොදා ගත යුතුයි. ගොවියාගේ නිෂ්පාදන කුණූ කොල්ලයට ගැනීම වැළකිය යුතුයි. එහෙම නැතුව අපට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ.ගොවියා මේ වේලාවේ රටට ණය වෙලා ඉන්නේ. ගොවිතැන් කරන්න ගිහින්. අපට ලැබෙන ආදායම් හා වියදම් අතර පරතරය ගොඩාක් වැඩියි. අපට මේ වියදම පියවා ගන්න වෙලා තියෙන්නේ අපි කරන ගොවිතැනෙන් ලබන ආදායම එක්ක.රජය සහල් මිල සදහා ජාතික සැලැස්මක් හදන්න ඕන. ගොවියන්ගේ පැත්තෙන් හිතලා  ගොවියාට සාධාරණ මිලක් ලබා දෙන්න.”

මෙහි දී එම සංවිධානයේ සභාපති ආතර් තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අපි මුලින් ම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ගැන අපේ විරෝධය පල කරා. ඒකට හේතුව අපේ ගොවීන්ට ප්‍රමාණවත් විදිහට අමුද්‍රව්‍ය හොයා ගන්න බෑ. මොනාහරි ටිකක් දාලා හදන එකක් බවට දැන් ඒක පත් වෙලා .රුපියල් 12500ක් රජය ලබා දෙනවා.ඒක ගොවියට වැඩකුත් නෑ රජයට වැඩක් වෙන්නේත් නෑ. ගොවියා අර මුදල අරගෙන පොහොර හදන එක නෙමෙයි කරන්නේ.පොහොර හදන්න තරම් අමුද්‍රව්‍ය හොයා ගන්න ගොවියාට බෑ. පොලොන්නරුවේ අක්කර 165000ක් විතර මාස් කන්නයට වගා කරනවා. ඒකට අවශ්‍ය පොහොර කොහොම ද හදන්නේ. අක්කරයකට ඕන කාබනික පොහොර ප්‍රමාණය කොච්චර ද.? මේවා ගැන ගණනය කිරීමක් වත් නැතුව හොයා බලන්නේත් නැතුව තමයි මේ කාබනික පොහොර වැඩසටහන එන්නේ. ඒ නිසා මේක අපරාධයක් වහාම මේ අපරාධය නවත්වලා ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න.”

ඊෂා මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම