කොවිඩ් දත්ත වංචා කරන නිලධාරින්ටත් විය හැකි දේ මන්ත්‍රී පාඨලී පවසයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇැතම් පොලිස් නිලධාරීන් අද මහා සංඝරත්නය හමු වී විවිධ පාපොච්චාරණයන් කරන්නා සේ මේ කොවිඩ් දත්ත වංචා කරන නිලධාරීන්ටත් අනාගතයේ එසේ විය හැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෝකයෙන්ම දස ලක්ෂයකට මිය යන ප්‍රමාණය ගත් විට පළමු ස්ථානයේ පසුවන්නේ ලංකාව බවත් දෙවැනි ස්ථානයේ පසුවන්නේ මැලෙසියාව බවද ඒ් මහතා පෙන්වා දෙයි.

මැලේසියා ආණ්ඩුව ලැජ්ජා, බිය ඇති ආණ්ඩුවක් බැවින් ජනතාවගේ විරෝධතා හමුවේ මැලේසියානු අගමැතිවරයා ගෙදර ගිය බවත් නමුත් මේ දුෂ්ඨ, මුග්ධ, උද්දච්ච ආණ්ඩුවට නම් එලෙස ලැජ්ජා බිය ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ඔහු කියා සිටියි.

ආණ්ඩුව සංඛ්‍යාලේඛන දත්ත වංචා කරන විට ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වගකිව යුතු බවත් නමුත් ඒ් කියා ඔහුව ධුරයෙන් ඉවත් කර මේ වංචාව යට ගැසිය නොහැකි බවද මේ වංචාව සිදු කරන්නේ කවුරුන්දැයි කියා හෙළිදරව් කිරිම ඔහුගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එමෙන්ම මේ දත්ත වංචා කරන පුද්ගලයා කවුරු වුණත් ඔහු මේ සිදුවෙමින් පවතින මහා අපරාධයක වගඋත්තරකරුවෙකු බව පෙන්වා දෙන ඒ් මහතා කියා සිටින්නේ ඒ් නිලදරුවා ඒ් බව මතක තබා ගත යුතු බවය.

දැන්වත් සෞඛ්‍ය විශේෂඥයින්ට මේ කටයුතු භාර දිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ශානි

Social Sharing
නවතම