වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

Sri Lanka's economy after the Covid pandemic

ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් අති දුෂ්කර අවධියක සිටි අපේ හිස මතට කොවිඩ් 19 නැමැති මාරාන්තික වසංගතය ද කඩා වැටී මේ වන විට වසර දෙකකට කිට්ටු වී තිබේ. මේ වසංගතය අපේ හිස මත පතිත වෙන්නට පෙර අපට තිබූ ප්‍රධාන ආදායම් මාර්ග වූ සංචාරක, තේ, විදෙස්ගත ශ්‍රමික හා ඇඟලුම් යන ක්ෂේත්‍රයන්ගෙන් ලැබෙමින් තිබූ විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවහිර වීම නිසා ආර්ථික වශයෙන් ද අප කබලෙන් ලිපට ඇද දමා තිබේ. ශ්‍රී ලංකා රජය මේ වන විට ලබා ගෙන ඇති අධික ණය කන්දරාව වෙනුවෙන් අවශ්‍ය ණය…

Read More

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව

economic problems in sri lanka

මිනිස්සු දෙවිවරුන් නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ _ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මැඩිසන් පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර වයස අවුරුදු 30 අඩු පුද්ගලයින් 4 දෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 147 දෙනෙක් ඉන්නවා. රජයේ දත්ත අනුව මේ වෙනකොට කොරොනා මරණ පොකුර  6,790 ක් දක්වා ඉහළට ගිහිං තිබෙනවා. අපි නැවත නැවතත් හිතන්න ඕනෑ මේ ගණන් මිනුම් හරියටම හරිද කියලා.. හරිම සංඛ්‍යා දත්ත මීට වඩා ගොරහැඩි…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිටපු තැනින් පහලට!

Sri Lanka economy down world bank

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම අදායම් ලබන රටක සිට පහල මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබේ. නම්‍යශීලී විනිමය අනුපාත නොහොත් මුදලේ මූර්ත අගය තියුණු ලෙස බිඳවැටීම සහ වර්ධන අනුපාත උද්ධමනයට වඩා අඩු අගයක් ගෙන ඇති තත්වයක්  යටතේ ලංකාවේ  ඒක පුද්ගල ආදායම පහත වැටීම ඇතුළු කාරනා  ඊට හේතු වී ඇත. ලෝක බැංකුව විසින් ශ්‍රී  ලංකාවේ ආර්ථිකය පියවරක් ඉහළ  කාණ්ඩයට අයිති ලෙස වර්ගීකරණය කර වසරක් ගතවෙද්දී එලි දැක්වූ නවතම වර්ගීකරණය මගින් එය පහළ කාණ්ඩයට නොහොත් හිටපු තැනටම පත්විම කැපී පෙනෙන්නකි. මෙම වර්ගීකරණයන් සෑම වසරකම ජූලි 1 වැනි  දින…

Read More