විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ වගේ පෝර්ට් ලෝකෙ තියෙන්නෙ කිහිපයයි. එතකොට අපට දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම නැති වෙනවා. අපිට ලෝකෙ අඩුවෙන් සහනදායි මිලකට මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ තියෙන බිස්නස් එක අපි කෙරෙහි ඇද ගන්න…
Read MoreTag: terminals in colombo port
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය. නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම…
Read Moreවරාය සටනට මොනවා වෙයිද?
කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින් තැලෙන්නේ වරාය සේවකයාය. මේ වන විට වරායේ නැගෙනහිර පර්යන්තය පවතින්නේ ඉහළම ලංසුවකය. එහි ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාවේ ආදානි සමාගමය. මේ අතර ද ලීඩර් පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර තිබුණේ අපූරු පුවතකි. ඒ ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන බවය. වරාය…
Read More“පී.බී ලා වගේ නිළධාරීන් නිසා තමයි ජනාධිපතිවරයා අපකීර්තියට පත්වෙන්නෙ” මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
නැගෙනහිර පර්යන්තයෙන් එක දශමයක්වත් දෙන්න බෑ! – ස්වාධීන වරාය සේවක සංගමය
ආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය අඛණ්ඩව කරගෙන යනු ලබයි. ජැටිය විදේශයට විකිණීමේ කුමන්ත්‍රණයට විරුද්ධව කටයුතු කරන වරායේ පුමුඛ පෙළේ වෘත්තීය සමිතියක් වන්නේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියයි. නමුත් මේ වන විට ආණ්ඩුව සිය බලය යොදා ගනිමින් එහි සාමාජිකයෙකු එම වෘත්තිය සමිති කටයුතු වලින් ඉවත් කරවීමට ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කර ඇත. මෙසේ ස්ථාන මාරුවට ලක්ව ඇත්තේ සමස්ත…
Read Moreත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට වෙච්ච දේ වරාය නැගෙනහිර ජැටියට වෙයිද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි. ඉන්දියාව තරහ කර ගන්න බැහැ මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (18) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුවේදී රජය අපේ විදෙස් වෙළඳ ගනුදෙනු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බවත් විශේෂයෙන්ම ඉන්දියාව තරහා කරගැනීමට තමන්ට නොහැකි බවත්ය. අමාත්‍යවරයා පවසා සිටින්නේ ඔහු විසින් පත්කරන ලද කමිටුව මේ සම්බන්ධව ඉදිරි වැඩපිලිවෙල ගැන අධ්‍යනය කරගෙන යන බවය. ඔහු කියා සිටින්නේ…
Read Moreආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ
දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි. මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ.…
Read Moreනැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම රට පාවාදීමක් නොවේ! – මංගල සමරවීර
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙන අතර ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක්…
Read Moreනැගෙනහිර පර්යන්තය ගැන යථාර්තවාදීව
මං දන්න ලස්සන කෝපි කඩයක් (Coffee shop එකක් අනේ) තියනව කොළඹ. ඕක තියෙන්නෙ මුහුද අයිනෙ. ඕකෙ ඉතිං කෝපි එකක් රු. 1500ක් විතර වෙනවා. (මේක නිකං අර අපේ ගෙදරට නයෙක් ඇවිල්ල නයා ටීවී එක උඩිං ගියා, වොශිං මැශින් එක උඩිං ගියා කියල ගෙදර තියන බඩු ඔක්කොම කියන කතාවක් වගේ මං බොන කෝපි එකේ ගාන බලන්න මෙයා කියන කතාවක් නෙවෙයි ඈ. ඔය යාලුවෙක් එක්ක හරි meeting එකකට හරි ගියොත් ඇරෙන්න ඉතිං 1500 කෝපි හැමදාම බොන්නෙ නැහැ. බඩ වේලනවා.) ඉතිං දවසක් මං මගෙ යාලුවෙක් එනකං කරන්න දෙයක් නැති කමට ඔතෙන්ට වෙලා කෝපි බිබී…
Read More