සර්, වාටියේ අපිටනම් දැන් සැපයි..!

sri lanka economy crisis gotabaya rajapaksha

මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට වටේ ඉන්න මගේ යාළුවන්ට කතාකරලා ඒ අයගෙනුත් අහන්න හිතුනා දැන් සැපයි ද කියලා. අල ලාභද? ලූණු ගනන්ද? කියලා අහන්න හිතුනා. ඉතිං මම ඇහැව්වා. මෙන්න උත්තර ටික.. ආනන්ද බලහරුව බලහරුව තියෙන්නේ වැල්ලවායට කිට්ටුවෙන්, හම්බෙගමුවට යාව, තණමල්විල සුවඳ හමන ගමක්. මගේ මිත්‍රයා ආනන්ද කඩයක් සහ හාඩ්වෙයාර් එකක් කරනවා. ඉතිං මට මුලින්ම මතක් වුණේ මේ හාදයා. මල්ලී කොහොමද…

Read More

මිනිස්සු රට අත ඇරලා යනවා නම් ඒක සෞභාග්‍යයේ දැක්ම නෙවෙයි, රටේ කාළකණ්ණිකම – මහචාර්ය සිරිමල් අබේරත්න

People leaving the country is a crisis - Prof. Sirimal Abeyratne

‘අලුත් කතාබහ’ නැමති සමාජ කතිකාව පුරවැසියා වෙත සක්‍රීයව ගෙනයෑමේ අරමුණෙන් එහි වෙබ් අඩවිය ‘බිහිදොර’ දියත් කිරීමේ වැඩසටහන පසුගිය 13 දා කොළඹ ජානකී හෝටලයේදී සිදුවුණ අතර එහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කෙටි දෙසුමක් පවත්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අදහස් දැක්වූ අතර මේ එහි සාරාංශයකි. ආර්ථික විද්‍යාව ගැන කතා කිරීමේ දී සියලුදෙනාගේම ප්‍රයෝගික ජීවිතය හා සම්බන්ධ විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒකයි එම විෂය සමාජ විද්‍යා ගොඩට වැටෙන්නේ. ඕනෑම මනුස්සයෙකුට ආර්ථික විද්‍යාව ගැන ප්‍රශ්නයක් යොමුකරොත් තමන්ගේ ප්‍රයෝගික ජීවිතය දිහා බලලා පිළිතුරු ලබාදෙන්න දන්නවා. වර්ථමානයේ අපේ…

Read More

බදු දීම හා විකිණීම – කීර්ති ගොඩිගමුව

බදු දීම හා විකිණීම - කීර්ති ගොඩිගමුව

අපේ ජාතික සම්පත් සහ භූමිය විදේශිකයන්ට විකිණිම පිළිබඳව කතිකාවත නැවතත් කරළියට පැමිණ ඇත. මෑත කාලයේ මේ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සහ දැන් මේ පවතින ආණ්ඩුව ද වගඋත්තරකරුවන් වී සිටිති. මේ හරහා ගම්‍යවන එක් යථාර්ථයක් (විකිණීම) හඳුනාගැනීම වැදගත් වන හෙයින් මේ පිළිබද අපගේ ඓතිහාසික කරුණු විශ්ලේෂණය කිරීම ද වැදගත් බව පෙනී යයි. ඇත්ත වශයෙන්ම විකිණීම යන වචනය දේශපාලන අවියක් ලෙස භාවිත වුව ද මෙහි ඇත්ත තත්ත්වය මෙයට වඩා වෙනස්ය. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී යම් අවශ්‍යතාවක් පිරිමසාගැනීම සඳහා යම් යම් වටිනා දේ විකුණන අතර සමහර විට උගස් කිරීම්,  බදු දීම්, කුලියට දීම්…

Read More