මට ඉන්දියාව ගම වගේ

art and literature of sri lanka sinhala poetry books novels

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා කෙනෙකුගේ ලියවිල්ලට, සිතුවිලි ආරට බලපානවා. දැන් මට ඉන්දියාව මගේ ගම වගේ. ඉන්දියානු පසුබිමේ කතා ලියන්න මට හරි ලේසියි. ශ්‍රී ශාන්ත් වගේ කතාවක්, ඒක හරි ලේසියි. ඒක සම්මාන වගේ දේවල්වට යෝජනා වුණේවත් නැහැ. මොකද ඒක විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට ගෝචර වෙන්නැති විෂයක්. ඒගොල්ලන්ට මෙහෙම හිමාලයේ ගිය ඒවා දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඒ පොත ලිවීමෙන් මම විශාල…

Read More

අපි සමස්තයම කිලුටු කරගත්ත ජාතියක්!

Cultural and political issues in sri lanka Filmmaker Sudath Mahadiulwewa

සිනමාවේදී සුදත් මහදිවුල්වැව ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන් එළියක් දල්වන්න. මම හිතනවා ඒකට පිළිතුර සොයද්දී තමයි, අපි හිටගෙන ඉන්න පොළොව කොහෙද කියලා අපිට පේන්න පටන් ගන්නෙ. මම දකින්නෙ අපි අපේ ඇස්, කන්, කට ඇතුළු මේ සමස්තයම කිලුටු කරගත්ත ජාතියක් කියලා. එතකොට කොහොමද අපි මේ කිලුටු වුණ දේවල් ටික ආයෙමත් පොහොසත් කරගන්නෙ. ඒකට අපි බලන්න ඕනෑ, දකින්න ඕනෑ. ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනෑ. ඒ…

Read More

කලාකරුවෝ දැනගන්න ඕන තමන්ගේ අනාගතේ හදාගන්න ඒකට ආණ්ඩු පලි නෑ!

future of the artist in Sri Lanka Dilip Rohana

රංගන ශිල්පී දිලිප් රෝහන ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්… මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය වෙච්චි “ඉවක් බුවක් නැති ලොවක්” නාට්‍යයෙන් නාට්‍යකාරයෙක් වෙන්නේ. එතකොට මගේ ගුරු ජීවීතයයි නාට්‍ය ජීවිතයයි අතර අවුරුද්දක පරතරයක් තමයි තියෙන්නේ. 1977 සිටම මම සමසමාජ පක්ෂය එක්ක සම්බන්ධ වෙලා හිටියා. එන් එම් පෙරේරලා එක්ක දේශපාලනයේ නිරත උනා. එතැන් සිට සිදුවුණ දේශපාලන විපර්යාස එක්ක මම දේශපාලනයේ රැඳී සිටියා. කොළඹ ආවට පස්සෙ මම පරාක්‍රමලා එක්ක සම්බන්ධ වෙන්නේ වීධී නාට්‍යකාරයෙක්…

Read More

විල්සන් කරූට මාස්ක් නැති වුනේ කොවිඩ් නිසා නොවේ.!

Veteran actor Wilson Karu has been arrested

කරු අයියා ලෙසින් ක්ෂේත‍්‍රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක් වාර්තා විය. රංජන් රාමනායක ගේ මුහුණු පොතේ ඔහු පොලිසිය තුළ සිටිනු ඡායාරූපයක්ද පළ වී තිබුණි. චිත‍්‍රපට 240 පමණ රගපෑ සටන් නළුවෙකි. ක්ෂේත‍්‍රයේ සටන් නළුවෙක් ලෙස 1974 දී ජීවන ගංගා චිත‍්‍රපටයෙන් සිනමාව පිවිසි ඔහු විසින් අවසන් වරට රගපෑමෙන් එක් වී ඇත්තේ රවී චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරන ලද “රාක්ෂා” නම් චිත‍්‍රපටයකයි. මුඛ ආවරණයේ දේශපාලනය මෙහි උත්ප‍්‍රාස අවස්ථාව වන්නේ ඡන්ද කාලයේ දී දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ආධාරකරුවන් විසින් විශාල…

Read More

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක - සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

“මම හිතන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ  මේ ප්‍රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට “සමාජ ප්‍රචන්ඩත්වය” කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි.  නමුත් ලංකාවේ ඒක එහෙම නෑ. පැහැදිලි කරන්න බැරි මට්ටමට මේ සමාජ ප්‍රචණ්ඩත්වය අපේ රට තුළ තියෙනවා. අපේ වගේ රටවල ප්‍රචණ්ඩත්වය තියෙන්නේ අර මට්ටමටත් එහාට ගිහිං කියලයි මට නම් හිතෙන්නේ. මම මෙහෙම උදාහරණයකින් කියන්නම්. …… ඔන්න මෙහෙම හිතමු…. මම වංචාකාරයෙක්. නැත්තන් හොරෙක්.  නැත්තන් මගෝඩි වැඩක් කරපු මනුස්සයෙක්. කවුරු හරි මාව එහෙමයි කියලා සාක්ෂි සහිතව අල්ලගන්නවා. අල්ලගෙන…

Read More