ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!

Tea factories have been shut down due to diesel shortages

ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…

Read More

වතු සේවකයින් කම්කරු කාර්යාලය ඉදිරිපිට වාඩිලාගනී

Read More

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.

Plantation workers protest against Rs. 1,000 cut

පඩිපාලක සභාව මගින් නියම කොට  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති  දෛනික මූලික වැටුප වන රුපියල් දහස  කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක්  විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙසැම්බර් 14 වැනි අඟහරුවාදා තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ  කම්කරුන් සිය ගණනක් විරෝධතාවය සදහා එක්ව සිටි බවයි. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක්  ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්  වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස  කප්පාදු කිරීමට කටයුතු කරන බවට …

Read More

වතු කම්කරුවෝ සාමුහික ගිවිසුම ඉල්ලති!

Plantation workers demand collective agreement

වතු කම්කරුවන්ගේ වැටුප්  ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම්  සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවන්ගෙන්  ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන ගිය අරගලයෙන් පසු වැටුප් නිරාකරණය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි විය. ඩයගම, තලවකැලේ, කොටගල සහ  ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ  ලිඳුල නගරයට දෙසැම්බර් 12 වැනිදා   රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.…

Read More

කුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!

Plantation workers' wage struggle

දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන්  දින  ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත්  ප්‍රමාණවත් නොවීම ගැන  විරෝධය දක්වමින්  ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ. ලංකෙම් ව්‍යාපාර සමුහයට අයත් ආගරපතන, ටොරින්ටන් වතු යායේ තේ කම්කරුවන් සිය ගණනක් නොවැම්බර් 29 වැනි සඳුදා උද්ඝෝෂණය දියත් කර තිබුනේ රුපියල් දස දහසකින් වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව දහවල් 12ට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් තිබියදීය. පසුගිය…

Read More

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?

වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා  කාමරයක්  කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්  විරෝධතාවක් දියත් කර තිබේ. ඊයේ ( 18)  ඉල් පොහොය දින  එම  විරෝධතාවය දියත් කර ඇත්තේ  අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ කම්කරුවන් පිරිසකි. එම වතුයායේ සේවයේ නිරත වතු කම්කරු මාතාවක් වතු පාලානාධිකාරියේ අවසරය පිට ඉදිකරගත්  කාමරයක්  වතු කළමනාකරු විසින් කඩා ඉවත් කර තිබේ. එම නිවස කඩා ඉවත් කිරීමට හේතු විමසීමට ගිය එම මාතාවට වතු කළමනාකරු විසින් පහර දී ඇති බවට විරෝධතා කරුවෝ…

Read More