සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

Demands from European governments for Ahnaf jazeem release

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට  2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු  ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ  2021 ඔක්තෝබර්  9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි. සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත්   අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ  නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි. සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ…

Read More

“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති

mahinda rajapaksa burial rights

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී  සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්  විමසු  පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා  ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …

Read More

OMP යෙන් අතුරුදන් තැනැත්තන්ගේ ලැයිස්තුවක්!

office of missing persons sri lanka statement

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයට (OMP)  ලැබි ඇති තොරතුරු සහ පැමිණිලි පදනම් කර ගත් අතුරුදහන් වු තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ වූ කාර්යාලය පවසයි. වැඩිම අතුරුදහන් පැමිණිලි සංඛ්‍යාවක් ලැබි ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර සෙසු දිස්ත්‍රික්ක වල පදිංචිව සිටින තැනැත්තන්ගෙන් ලැබී ඇති අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ට අදාල තොරතුරු මෙහි අඩංගු වේ. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් හා සම්බන්ධ දත්ත  එක්රැස් කිරීමේ එක් කොටසක් ලෙස මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම සැලකිය හැකි බවද…

Read More