රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට පෙර නිකුත් කරන ලද  11-05 දින නිකුත් කරන ලද ලිපිය අවලංගු කර මෙම ලිපිය නිකුත් කරන බවය. රාජ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය ඔස්සේ රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම ආයතන සංගහ්‍රයට අනුව බරපතල වරදක් බවත් මෙම නියෝගය කඩකළහොත්, විනය ක්‍රියාමාර්ග  ගන්නා බවට රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවා ඇත. මේ වන විටත් එලෙස ක්‍රියා කළ පුද්ගලයින් සොයා තොරතුරු…

Read More

නුදුරේදීම දේශපාලනය උඩියටිකුරු වෙයිද?

නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය කරන ඔහු පැවසුයේ විශාල බලාපොරොත්තුවක් සහිතව ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහා ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු කළත් ඒ සියලු බලාපොරොත්තු මේ වනවිට කඩා වැටී ඇති බවය. ඔහුගේ මෙම ප්‍රකාශය තහවුරු කෙරෙන ආරංචි දැන් දේශපාලන වේදිකාවේ නන් දෙසින් ඇසෙන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම ආණ්ඩුව ඇතුලේම මැති ඇමතිවරු ආණ්ඩුවේ ක්‍රියාවන් හෙලා දකින තැනට පත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

Read More

කාලකණ්ණියෙක් ගැන – අජිත් පැරකුම් ජයසිංහ

කාලකණ්ණියෙක් ගැන - අජිත් පැරකුම් ජයසිංහ

ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන් යුක්ත තැනැත්තා යන්න බවයි. එවැනි කණ් ඇත්තන් අවාසනාවන්තයන් යයි විශ්වාසයක් අතීතයේ තිබිණි. ඇතැමෙකු සිතන පරිදි කාලකණ්ණි නම් වචනයෙහි නිරුක්තිය කාලය කන්නා යන්න නොවේ. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? ජෝසප් ස්ටාලින් කොළඹ, මෝදර, වරාය කම්කරු නායකයකු හා ලංකා කොමියුනිස්ට් පක්ය හෙවත් චීන පිලේ නායකයකු වූ බෙනඩික්ට් සහෝදරයාගේ පුතෙක්. මෝදර ඩිලාසාල් විදුහලේ අධ්‍යාපනය ලබා හාපිටිගම විද්‍යාපීඨයෙන් ප්‍රාථමික ගුරු පුහුණුව…

Read More

වරාය නගරය පිලිබඳ පනත අධ්‍යනය කරන්න අස්ගිරි මහා විහාරයට දෙන්න!

china Port City Act Asgiriya party Medagama Dhammananda

රටට හා භෞමික අඛණ්ඩතාවයට යම් කරුණක් හානිකර වන්නේ නම් විරෝධය පෑම සහ එකඟනොවීම විශේෂ වගකීමක් වන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියති. වරාය නගරය පිළිබදව වර්තමාන රජය විශ්ෂ පනතක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එය අධ්‍යනය කිරීම සඳහා අස්ගිරි මහා විහාරයට ලබාදීම සුදුසු යැයි එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් සදහන් කළහ. නව පනත නිසා  රටේ පවතින නීතිවලට හා පාරිපාලනයට යම් ගැටලු ඇති වන බවක් දැනගන්නට ලැබෙන බවත් මේ පිළිබදව මහා සංඝරත්නය දැනුවත් කර නොමැති නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය…

Read More