පොලිස් නිලධාරීන්ට ඇති දීර්ඝ කාලීන චෝදනා පත්‍ර සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටි ඇත්තේ තමන්ගේ රාජකාරිය හරියට කිරීමට ගොස් ඇති නිසා බවය. ඒ නිසා ඒ වගේ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු සිටින බවත් සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම්…
Read MoreTag: squid game police officer
කොළඹ හොල්මන් කරන පුපුරණ ද්‍රව්‍ය !
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබුනේ ඊයේ (14) දිනයේය. මාස තුනකට අධික කාලයක් වසා තිබු වැසිකිලියක මෙම ජීව උණ්ඩ තොගය තිබී ඇති අතර පවිත්‍රතා සේවකයෙක් විසින් දැක මේ බව කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට දන්වා තිබුණි. මෙම උණ්ඩ අතර ටී 56 ජීව උණ්ඩ 176 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 29 ක් තිබී ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර පහුගියදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථාන භූමියේ තිබියදී…
Read Moreලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!
නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්ස මෙලෙස යාම විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියි.…
Read More