මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ රටේ සිටින මේ අයුක්තියට ශාප කරන සියළු මහජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. ඔබගේ පපුව ගැහෙන තරම අපි දැනෙනවා. ඔබ නිහඩව දරාගෙන සිටින ප්‍රමාණය අපි දන්නවා. ඒත් මේ වෙලාවේ අපි කරන්න පුළුවන් දේ සීමිතයි. ඒත් සීමිත පිරිසක් වුනත් ඔබගේ ජීවිතය වෙනුවෙන් සටනක් දෙනවා. ඔබ මාව දන්නේ නෑ. මම ඔබව දන්නේ නඩු…
Read MoreTag: shani abeysekera cid
“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.
මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී අවසන්. රජය මෙම තත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දැරුවද මෙම වෛරසයට ආවේණික ලක්ෂණ නිසාත් ඇතැම් දුර්වලතා හේතුවෙන්ද එය පසුගිය වතාවේ මෙන් පාලනය කිරීම මේ වන විට අසීරු තත්වයකට පත් වී තිබේ. ජනමාධ්‍යවල මෙන්ම පොදු සමාජයේත් මේ වන විට ඉහත කී අවදානම් ක්ෂේත්‍රයන් අතරින් ඇගළුම් කම්හල්, මහල් නිවාස, හා පොලීසිය යන අංශ කෙරෙහි අවධානය යොමු වී…
Read Moreපිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!
ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා. නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ කවුද? ඔවුන්ට අණ දුන්නේ කවුද මේවා අනාවරණය කරගත්තේ ශානි අබේසේකරගේ මෙහෙයවීම මත ඒ ගැන පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම. ඊළඟට රිය අනතුරක් කියලා සඟවලා තිබුණ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් කියලා හොයා ගත්තේ ශානි අබේසේකර ප්රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක කණ්ඩායම. LTTE සංවිධානයේ ගිනුමකට බැර කරලා අත පිහදාගන්න හදපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග…
Read Moreශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී. එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.…
Read More