රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

MP Rishad Bathiudeen allowed to sit in Parliament

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය. ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති…

Read More

බොදුබලයෙන් රිෂාඩ්ගේ බිරිඳට ලිපියක්!

Bodu Bala Sena rishad bathiudeen wife President Gotabaya

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ට  ආධාර අනුබල දුන්නා යැයි කියන චෝදනාව මත මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේය. ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා පහුගිය දින කිහිපය පුරාම වව්නියාව, පුත්තලම, කොළඹ ආදී ප්‍රදේශ වල විරෝධතා රැසක්ද පැවැත්විණි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඒ් සිය සැමියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. එහිදී ඇය විසින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ උන්වහන්සේගේ ක්‍රියාකාරකම්…

Read More