පානදුර පොලිස් අත්අඩංගුවේ සිටි  පුද්ගලයා  ජිප් රියෙන් බිමට පැන්නාද?

Man in Panadura police custody dies

පානදුර, උතුර වත්තල්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඥාති නිවසකට ගමන් කර නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ජිප් රියෙන් පොලිසීයට ගෙන යමින් සිටියදී ඉන් පැනීමට උත්සහ කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය යාමේ පුවතක් අද (07) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි. මෙසේ මිය ගොස් තිබුණේ 42 හැවිරිදි පුද්ගලයෙකි. මොහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පානදුර උතුර පොලිසීයේ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් මිය  ගිය තැනැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

Read More

වැලිගම වරාය සේවකයාගේ අභිරහසට අදාල සම්පුර්ණ CCTV දර්ශණ නිකුත් වේ.

Weligama port worker's death police torture

පොලීසිය විසින් රිය අනතුරකට ලක්වීමෙන් මිය ගියා යැයි පැවසූ කොළඹ වරාය සේවකයාගේ මරණය ඝාතණයක් බවට සැක කළ හැකි CCTV දර්ශණ මේ වන විට නිකුත් වී තිබේ. 49 හැවිරිදි දෙදරැ පියෙකු වන සුසිල් ඉන්ද්‍රජිත් පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී නිරෝධායන වන තම පවුලේ අයට ආහාර ගෙන ඒම සදහා වැලිගම නගරයට පැමිණීමෙන් පසුව, මෙසේ මරණයට පත් වී තිබුනි. මෙම CCTV දර්ශණයන්ට අනුව සුසිල් ඉන්ද්‍රජිත් වැලිගම පොලීසියේ ආදාල නිලධාරීන් දෙදෙනා සමග කිසියම් කතා බහක නියෙලෙන ආකාරයත්, පසුව එක් නිළධාරියෙකු විසින් ඔහුට පා පහරක් ලබා දෙන ආකාරයත්, ඊට ටික වෙලාවකට පසුව ඒම…

Read More

කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන  ප්‍රහාර වල ඉහළ යාමක්!

police torture on people during the Covid pandemic sri lanka

නිවසින් එළියට ගිය පමණින්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි. වසංගතයක් කියු සැණින් ජනතාව කලබලයට පත් වන බවත් එවන් අවස්ථා  වලදී මානව හිමිකම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රහාර ඉතා දරුණු බව ඇය අවධාරණය කර සිටියි. වසංගතය පාලනය කිරීමට යැයි කියා බොහෝ විට මානව හිමිකම් සීමා කිරීමකට ලක් වන බවත් ඉන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ  ගමනා ගමනය සීමා කිරීම බවද ඇය පවසයි. ඇඳිරි නීතිය/ සංචරණ සීමා වලින් අවසානයේ සිදු…

Read More

“වසංගත කාලයක ලංකාව” ජනගත කෙරේ!

Right to Life Human Rights Centre

යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ  අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ, මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ආදිය කථා සියයක් අඩංගුය. රයිටු ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගත්තා වු වීඩියෝ 100 ක් ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය වි ඇත. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිෂ්පාදනයක් වන මෙය සෞඛ්‍ය නීතිරීතීන්ට අනුකූල වෙමින් අන්තර්ජාල සුම් තාක්ෂණය ඔස්සේ ජනගත කිරීම සිදු කරන ලදි. මේ අවස්ථාවට මානව හිමිකම්…

Read More

මඩකලපුව පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මරුට!

Youth dies in Batticaloa police custody

මඩකලපුව පොලිසීය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේදී මිය යාමක් පිලිබඳ ඊයේ (03) දින වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මඩකලපුව, ඉරුදයම්පුරහී පදිංචිව සිටි චන්ද්‍රන් විදූෂන් 21 හැවිරිදි තරුණයෙකි. මොහු ගංජා විකුණන බවට මඩකපුව පොලීසියට ලද තොරතුරක් මත මඩකපුව පොලිස්  බුද්ධි අංශ නිලධාරීන් විසින් ඉකුත් ජුනි 02 දා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවටය. “එයාට මාංචු දාලා ගහක ගැටගහලා රෑ දහයමාරට විතර ගේ පරීක්ෂා කරා. මුකුත් හොයාගන්න බැරි වුණා. පස්සේ එයාව  ගෙදරින් මඩකලපු පොලිසියට ගෙනිහිල්ලා ලොකප් එකේ දැම්මා. අපිට කිව්වේ පොලිසියට එන්න එපා කියලයි. ඊට පස්සේ උදේ අපිට කිව්වා…

Read More

බදුල්ල හැඬ වූ කන්දකැටියේ සඳුන්ගේ අයිතිවාසිකම් නඩුවත් ජයගනී!

police torture stories Sandun Malinga right to life cases

බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක් බවට අධිචෝදනා ඉදිරිපත් කරමින් ඒවකට කන්දකැටිය පොලීසියේ සේවය කළ පොලිස් නිළධාරීන් හය දෙනෙකුට එරෙහිව (නඩු අංක 01/2015) නීතිපතිවරයා විසින් බදුල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුනි. 2017 ජනවාරි 09 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ඉහත පොලිස් නිලධාරීන් 6 දෙනාම වරදකරුවන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා…

Read More

වැලිගම වරාය සේවකයාගේ මරණය අභිරහසක්

human rights violations police weligama torture

පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක්  හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති  CCTV දර්ශණ හේතුවෙන් මෙම මරණය පිටුපස යම් කිසි අභිරහසක් ඇති බවට සනාථවෙමින් තිබේ. කොග්ගල යුනිචෙලා නැමති ආයතනයේ සේවය කරන මේ පුද්ගලයාගේ දියණියට කොරෝනා වැලදී ඇති බවට සැලවීම නිසා පසුගිය මැයි 12 වන දා සිට මෙම නිවස හදිසියේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකතනයෙන් සිදු කළ දැනුම්දීම මත ඔවුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනය වී ඇති නමුත්…

Read More

යක්කලමුල්ල පොලීසිය පොට පටලවාගෙන මහ මඟ සිටි අයෙකුට පහර දෙයි!…

yakkalamulla police torture human rights violations

ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත  පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර, පදිංචි කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර නම් අයෙකි. මොහු ඉකුත් මැයි මාසෙ 09 වනදා රාත්‍රී 09.00ත් 09.30 අතර කාලයේ යක්කලමුල්ල හන්දියේ පිහිටි දිමුතු පාමසිය වෙත ‍ගොස් ඇත්තේ ඖෂධ වගයක් මිලදී ගැනීමටය. එහිදී පාමසියට මීටර් 30 ක් 40ක් නුදූරින් පිහිටි යක්කලමුල්ල හන්දිය පැත්තෙන් රතිඤ්ඤා පත්තුවෙන ශබ්දයක් ඇසීම නිසා මේ කොරෝනා අස්සේ කවුද…

Read More

“එදා අපිට සර් කියපු ජාවරම්කරුවන්ට අද අපි සර් කියනවා” – විශ්‍රාමික පොලිස් අඳෝනාව

Retired Police Officers in sri lanka

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසීය මහජන, මිත්‍රශීලි දෙපාර්තමේන්තුවක් ලෙස සැලකුවද වර්තමානය වන විට එවැනි තත්ත්වයක් පොලීසිය තුල දක්නට නැත. බොහෝ විට මේ පොලීසි වල සිටින්නේ නිළ ඇඳුමේ බලයෙන් පිම්බුණු නිලධාරීන්ය. අල්ලසට, දූෂණයට බර පුද්ගලයින්ය. මේ අතර අවංකව වැඩ කරන නිලධාරීන්ද අතලොස්සක් පමණ සිටින්නේය. නමුත් ඔවුන්ටද නිසි පරිදි රාජකාරීය කිරීමට හැකියාවක් නොලැබෙන්නේ විවිධ දේශපාලන, ඉහළ නිලධාරීන්ගේ බලපෑම් නිසාය. මෙයට හොඳම නිදසුන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය. මේ කිසිවෙකුත් සදාකාලිකව පොලීසියේ කටයුතු කරන්නේ නැත. ඔවුන්ට දිනෙක විශ්‍රාම යාමට සිදු වේ. ඉන් අනතුරුව මොහු තවදුරටත් බලය ඇත්තෙකු නොවන්නේය. ඔහුට ඇත්තේ විශ්‍රාම…

Read More

රජය භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් වුවත්, මේ ආණ්ඩුවත් එක්ක ඒක බෑ!

unsafe to be in government custody Attorney at Law Lal Wijenayake

එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය විසින් භාර ගෙන ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ අධි නීතීඥ ලාල් විජේනායක මහතා පවසයි. පොලිස් අත්අඩංගුවේ එහෙමත් නැතිනම් රජයේ භාරයේ සිටින එක ආරක්ෂාකාරී එකක් බව අප සිතූවත් මේ වන විට එය මේ නව ආණ්ඩුවත් සමඟ වෙනස් වී ඇතැයි ඔහු කියයි. පොලිසීය යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔවුන්…

Read More